
(අමදෝරු අමරජීව)
සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ
ගුවන් යානයක හෝ රොකට්ටුවක බඳේ ඉන්දීය ජාතික කොඩිය හා ඉන්දීය ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය වන අතර මෙය ඉන්දියාව සතු එකක් බව සැක කරයි .
හමු වූ මෙම සුන්බුන් කොටස් තුළ විදුලි පරිපථ සවිකර ඇති අතර මෙය කුමක් නිසා සිදුවූ අනතුරක්ද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැත .පාවෙමින් තිබූ මෙම කොටස් ධීවර පිරිස් විසින් වෙරළට රැගෙන විත් තිබේ .


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.