ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අඩු මිළ ගුවන් සේවාවක් , එරට ජෙට්ස්ටාර් ගුවන් සේවා සමාගම විසින් 08/25 දින රාත්‍රී ආරම්භ කරමින් ,මංගල ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මේ සදහා බෝයිං - 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගැනීම සිදු කළේය .
08/25 දින රාත්‍රී 06.24 ට ජෙට්ස්ටාර් ගුවන් සේවයට අයත් ජේ.කිව්.- 005 දරන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ගුවන් මගීන් 271 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 13 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියකම දින 03 ක් අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල ශ්‍රී ලංකාවේ කටුනායක සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අතර ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම ගුවන් ගමන සදහා පැය 10 ක පමණ කාළයක් ගත වේ .
ගුවන් යානය පිළිගැනීම සදහා උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " ( Silk Route ) මගී පර්යන්තයේ පැවති අතර ඒ සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති මැතිව් ඩක්වර්ත් ( Mathew Duckworth ) , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd