(සුජිත් හේවාජුලිගේ)
යල කන්නයේ වී මිලදී ගැනීමට වී මෝල් හිමියන්ට දෙන ණය මුදල් දිස්ත්‍රික් ලේකම්වරු හරහා මෙම සතිය ඇතුළත නිකුත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
මොල් හිමියන්ට යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 250ක උපරිමයට යටත්ව කිසිඳු පොලියක් අය නොකර ණය මුදල් ලබාදෙන බවද ඔහු කීය
රජය වී මෙට්ට්‍රික් ටොන් හතළිස් පන්දහසකට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ.
ගොවි ජනතාවට සහන සලසමින් සහ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතිරේකව රුපියල් කෝටි 7,50ක පරිපූරක ඇස්තමේන්තුවකට පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd