(දයාසීලි ලියනගේ)

විදුලි බිල වැඩි කළත් ලබන වසරේ විදුලිය කපී සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ජලාශවල ජලය අඩු වීම ගල් අඟුරු හා ඉන්ධන හිඟය යන කරුණු නිසා ලබන වසරේත් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශකයෙක් කීය.

මේ වන විට විදුලිය සියයට හැත්තෑවක් ජලය ලබා ගන්නා අතර ලබන වසර මුල් වන විට ජල මට්ටම අඩු වන අතර ගල් අඟුරු හා ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නොමැති ව වීමේ ප්‍රශ්නයක් මත ලබන වසර මුල් කාලයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වනු ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

විදුලි කපාහැරීම නැවැත්වීමට විදුලි බිල වැඩි කළ යුතු බවට විදුලි බල ඇමැතිවරයා ප්‍රකාශ කළත්  පවතින මෙම තත්වය යටතේ විදුලිය කපා හැරීමට සිදුවන බවද ඔවුන් සඳහන් කරයි මේ තත්ත්වය නිසා විදුලි බිල වැඩි කිරීම සිදු නොකළ යුතු බවට ඔවුන් විදුලිබල මණ්ඩලයට යෝජනා කර ඇත.