(සුජිත් හේවාජුලිගේ )
වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයට වැඩපොළක්,නේවාසිකාගාරයක් සහ ආපන ශාලාවක් ඉදිකිරීම සඳහා උපදේශන ගාස්තු ලෙස රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම ව්‍යාපෘති ආරම්භ කිරීමට ( 2020 වසර වන විටත් ) කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කෙරුණේ 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුවය.
ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 92 කට වැඩි ප්‍රතිපාදන අනුමත කර තිබූ බවද එහි සඳහන් වේ.
ඉදිකිරීම් සඳහා අයවැයෙන්ද 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා රුපියල් කෝටි 28 කට වැඩි මුදලක් වෙන් කරදී තිබුණ අතර උපදේශක ගාස්තු ලෙස පමණක් මින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර විශ්ව විද්‍යාලයේ පීඨ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පෞද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි හතළිස් පන් ලක්ෂයක පමණ මුදලකට 2016 වර්ෂයේදී ප්‍රදානය කර තිබුණු අතර දින අටකදී වැඩ අවසන් කරන බව දන්වා 2019 සැප්තැම්බර් 12 වැනි දා අත්තිකාරම් ලෙස රුපියල් විසිනව ලක්ෂයකට වැඩි මුදලක් ලබා ගෙන තිබුණද 2020 වර්ෂය අවසානය දක්වාම වැඩ අවසන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.
මේ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳවද විගණනයට පැහැදිලි නොකෙරුණු බව වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
මේ විදියට උපදේශනයට වියදම් කරන සල්ලිවලින් කාගෙ කාගෙත් සාක්කු පිරුණු බව දැනෙන්නේ, දියුණු රටවලවත් අය නොකරන තරමේ ගාස්තු උපදේශනයට අය කොට ඇති බැවිනි. ඒ කෙසේවුවද මෙවැනි දෑ නිසා ජනතාවගේ සාක්කු හිස් වී ගොසිනි.
ඉදිකිරීම් උපදේශනය කියන්නේ මේසෙක ඉඳගෙන පුටුවක වාඩි වෙලා මෙහෙම කරොත් හොඳයි කියන එක නෙවෙයි. එතනදි විදුලි, ජල නල, ව්‍යුහාත්මක වගේ සංකීර්ණ සැලසුම් සියල්ල හදන්න වෙනවා. ඉදිකිරීම් සුපරීක්ෂණයත් ඇතුළත් වෙනවා. මේක මේ හරියට අහගන්න සල්ලි දුන්නා වගේ දැම්මට අදාළ ඉදිකිරීම් ගිවිසුම් පරීක්ෂා කරා නම් එතන උත්තර තිබෙනවා. මොකද මේවට ලංසු කැඳවන්න, අගයන්න ඊට පස්සේ කැබිනට් මණඩලය දක්වාම අනුමැතියට යන්න වෙන අවස්ථා තිබෙනවා. ඒ අස්සේ යම් කොන්ත්‍රාත්කරුවෙක් අභියාචනා කරොත් තව කල් යනවා.