
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
දුර ගමන් සේවා බස් රථ නැවතුම්පල සංඥා පුවරු 48ක් කොළඹ සහ අලුත්ගම අතර ස්ථාපිත කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා පවසයි .
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම සංඥා පූවරු ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .
මේ සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇත .
විශේෂයෙන් දුර ගමන් සේවා බස් රථ සෑම නැවතුම්පලකම නැවැත්වීම හේතුවෙන් බස් රථ සේවකයන් අතර වසර ගණනාවක සිට පැවැති ගැටලුවක් මේ නිසා නිරාකරණය කිරීමට හැකි වන බව සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා කීය .
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව් .ප්‍රසන්න සංජීව මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මෙම නැවතුම්පොළ සංඥා ඉදිකෙරෙන අතර ඒ අනුව කොළඹ සිට අලුත්ගම දක්වා සංඥා පුවරු 24ක් ද අලුත්ගම සිට කොළඹ දක්වා සංඥා පුවරු 24ක් ද ඉදි කරනු ඇත .
COMMENTS
අළුත්ගම සිට 24ක් කොළඹට පිස්සුද මුන්ට නිකමට බැලුවොත් 36කට වඩා තියෙනවා නැවැත්තිය යුතුම තැන්. ඔය විදියට බැලුවොත් මාතර ගාල්ලේ ඉදලා එන අය බහින්න ඕන තැනට පෙර හෝ පසු බහින්න ඕන. දුර බස් එකෙන් ඊට පස්සේ තව ගානක් ගෙවලා තව කෙටිදුර බස් එක යන්න ඕන. මරු තිරණ. මොරටුව පිටකොටුව බස්රථ වල ඉන්නේ කුඩ්ඩෝ ටිකට් කඩන්නේ ඩ්‍රයිවින් කරන්නේ. මොරටුව බස් එක නැග්ගොත් ඒ ගමන යන්න වෙන්නේ හෙට. මොරටුවෙන් ගත්තම රාවතාවත්ත කටුබැද්ද අගුලාන ගොළුමඩම බෙලෙක්කඩේ මැලිබන් ගල්කිස්ස පොලිසිය ලග හා හන්දිය දෙකෙම උසාවිය ලග කන්ත ලග දෙහිවල විලියම් වැල්ලවත්තේ තැන් 3ක බම්බලපිටිය දෙකක කොල්ලුපිටිය 4ක ගෝල්ෆෙස් ඔය හැමතැනම විනාඩි 5ක් නවත්වගෙන ඉන්නවා. එලවන්න පොලිසිය නැහැ. මිනිස්සුන්ගේ වේලාව කනවා ඕවත් හදන්න ඕනා.