(මහින්ද නිශ්ශංක)
යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි .
ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකර මහතා පැවසීය .
2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කළ ද කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබීය .
චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට (12 ) පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී පැයක පමණ කාලයකින් පසු යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව පැවසූ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් මහතා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවද පැවසීය .
මේ අතර යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන යළි ආරම්භ වීමත් සමග ගුවන් තොටුපලෙහි රේගු කටයුතු ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා 14 දෙනෙකු ගෙන් සමන්විත රේගු කාර්ය මණ්ඩලයක් අද කොළඹින් පිටත්ව ගිය බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (ප්‍රාදේශීය සේවා) ඩී.ඒ.එම්.ආර්. සාගර මහතා පැවසීය .
COMMENTS
යාපනයේ ගුවන් තොටුපළ එනකොට ලංකාවට ස්කැන් යන්ත්‍ර නැහැ බඩු ස්කැන් කරන්න මැනුවල් කරන්නේ රේගුව එක එකක් රටේ ආරක්ෂාව පැත්තෙන් දෙක ගුවන් තොටුපලේ ගොඩනැගිල්ලේ දෙපැත්තෙන් ගුවන් යානයෙන් එන අයකුට යාහැකියි රේගුවේ අය නියමිත ආකාරයෙන් ගාස්තු අයකිරිමක් කලේ නැහැ යාපනයේ එවා ගැන නිසි පරික්ෂණයක් අවශ්‍යයි 2021 පෙබරවාරියේ සිටම රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමක් සිදුවුනා අනිවාර්යයෙන්ම සොය බැලිය යුතුයි