පේරාදෙණියට නව උපකුලපතිවරයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබේ. 06 May 2022
විශ්වාසභංගයට සහාය දෙන්න 41 කණ්ඩායමෙන් කොන්දේසි දෙකක් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි දෙකක් පනවා ඇත. 06 May 2022
ඇමති තුනක් උද්ඝෝෂකයන්ට කොටු වෙති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කරවා ගෙන ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා ඒ ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් අද (6) පස්වරුවේ ඇතිවිය. 06 May 2022
සජබ පාර්ලිමේන්තුව වර්ජනය කරන්න යයි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තෙක් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. 06 May 2022
දුම්රිය 30 ක් ධාවනය කළා හර්තාලය පැවතුණ ද දුම්රිය ගමන්වාර 30 ක් අද (6) දිනයේ ක්‍රියාත්මක කළ බවත් දුම්රියවලට මගීන් නොමැති වීමෙන් ගමන්වර 20 ක් පමණ අවලංගු කළ බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා අද පස්වරුවේ පැවසීය. 06 May 2022
කුරුණෑගල ගෝනගම විරෝධයක් කුරුණෑගල ගෝනගම නගරයේ මාර්ග අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද සවස විරෝධතාවයේ නිරත වූහ. 06 May 2022
හර්තාලයෙන් මාතරත් උණුසුම් වෙයි රජයට විරෝධය පළ කරමින් මාතර නගරයේ ද කලු කොඩි ඔසවා කඩ සාප්පු වසා දමමින් ජනතාව අද දින හර්තාලයේ නිරත වූහ. 06 May 2022
රුපියල අදත් බාල්දුයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 361.72 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 374.99ක් විය. 06 May 2022
‘සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව ගෙදර යවයි‘ පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් ආරක්ෂිතව පිටත්කර යැවූ බව වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 06 May 2022
කොසු ඉදල් හමුදාවක් පාර්ලිමේන්තුව අවට පාර්ලිමේන්තු අතුරු මාර්ග දෙපස නිවාස වල පදිංචි ජනතාව අද (6)පස්වරුවේ කොසු ඉදල් තබාගෙන මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය. 06 May 2022
භූමිතෙල් නිකුත් කිරීම සීමා කෙරෙයි එක් පාරිභෝගිකයකු සඳහා ඉන්ධන පිරවුම්හල් මගින් දිනකට නිකුත් කළ හැකි උපරිම භූමිතෙල් ප්‍රමාණය ලීටර 5කට සීමා කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත. 06 May 2022
කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 06 May 2022
සෙංකෝලය රැකගන්න ගිය වේත්‍රධාරී සහ නියෝජ්‍ය වෙිත්‍රධාරීට පහරදෙයි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී පාර්ලිමේන්තු වෙිත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහත්වරුන් බිම ඇද වැටී ඇත. 06 May 2022
පොහොට්ටු සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන් ගුටි කතරගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම පැවති අද (06දා) සභාපතිවරයා සභාවට පැමිණි විගසම සභාව කල් තබන බවට කල ප්‍රකාශයත් සමගම මන්ත්‍රීවරුන් අතර බහින් බස්වීක් දුරදිග යාමෙන් ඇතිවු පහර දීමක් හේතුවෙන් සභාපතිවරයා තැළුමි තුවාල සහිතව කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කෙරිණ. 06 May 2022
ජනාධිපති මන්ධිරයට විශේෂ අරක්ෂාවක් කොටුව ජනාධිපති මන්ධිරයට අද (6) පෙරවරුවේ සිට විශේෂ ආරක්ෂාවක් යෙදවා තිබුණි. 06 May 2022
පාර්ලිමේන්තුව 17 තෙක් කල් තබයි මැයි මස 17 වෙනිදා පෙරවරු 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 06 May 2022
ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දිගුවෙයි ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් අසළ අද (6) පෙරවරුවේ සිට කිලෝමීටර් ගණනින් දිගු පෝලිම් දැකිය හැකිය. 06 May 2022
මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් රනිල්ටත් චෝදනාවක් අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා:-(දෙජාසං) පැවසීය. 06 May 2022
කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි? රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2022
‘නි.කතානායක ලෙස විපක්ෂයෙන් කවුරු ආවත් ආණ්ඩුව සහය දෙන්න හිටියේ ‘ නියෝජ්‍ය කතානායක තරඟයට විපක්ෂයෙන් මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ඔහුට සහයෝගය ලබා ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණයක් ගෙන තිබූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දෙමින් සිටින නිසා ඊට පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහාකාරී ලෙස හැසිරෙන්නට පටන් ගැනීම නිසා පාර්ලිමේන්තුව විනාඩි දහයකට නතර කිරීමට මුලසුනේ සිටි හේශා විතානගේ මහතා කටයුතු කළේය. 06 May 2022
ගාලුමුවදොර විරෝධතාව ගැන පැමිණිල්ලක් 10 දා විභාගයට ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයෙන් මහජන පීඩා සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (06) නියෝග කළාය. 06 May 2022
‘වත්මන් පාලකයින් ණය මත යැපෙන ආර්ථිකයක් ඇති කළා‘ මේ රටේ දේශපාලනඥයන් පිරිසක් උගන්ඩාවේ බස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6)පැවසීය. 06 May 2022
අන්තරේට කඳුළු ගෑස් බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරයි. 06 May 2022
ගුණපාල රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපති වරයාට ලිපියක් බාර දුන් බව සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 May 2022
‘ලබන සතියේදී විශ්වාසභංග දෙක විවාදයට ගන්න‘ ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනා දෙක ලබන සතියේම විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
‘මේ ශාපය උදා වුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසයි‘ රටට මේ ශාපය උදාවුණේ ගොවීන්ට කරපු අසාධාරණය නිසා යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
‘‘විශ්වාසය භංග වුණොත් මොකද කරන්නේ‘‘ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට එකඟවන්නේ ද,එසේ නැතිනම් ආණ්ඩුව බාරගෙන රජයක් පවත්වාගෙන යන්නේ ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අදහස දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් දස දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 06 May 2022
නිදහස් සේවක සංගමයමත් ප්‍රභූ රාජකාරිවලින් ඉවත් වෙයි ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරියෙන් ඉවත්වීමට ආගමන විගමන නිලධාරීන් ගත් තීරණයට සහයෝගය දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයෝ ද ගුවන් තොටුපළවල ප්‍රභූ පර්යන්ථවල රාජකාරිවලින් අද (6) සිට ඉවත් වූහ. 06 May 2022
රට පුරා විරෝධතා උත්සන්න වෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි. 06 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026