IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රට වෙනුවෙන් පොහොට්ටුව - එ.ජා.පය එකතු වෙනවා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (12) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් ජනාධිපතිවරයා බවට පත්වූ බවත් ඒ හේතුවෙන් පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවත් කාරියවසම් මහතා කීය.

රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වන ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද කාරියවසම් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක් වීම නිසා  එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් එම පක්‍ෂයටත් ශක්තියක් බව කී කාරියවසම් මහතා සදඟන් කළේ රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න සූදානම් බවත්ය.

පක්‍ෂයක ප්‍රතිපත්ති රටේ සහ ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුනහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නොමැති බව කී ලේකම්වරයා ශ්‍රී ලංකාවේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂවලට එයට මුහුණ දීමට සිදුවූ බව ද සඳහන් කළේය.

ප්‍රතිපත්ති වෙනස් නොකරන ස්ථාවරයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ද එවැනි ස්ථාවරයක නැතැයි සිතන බවත් පක්‍ෂ දෙකටම රටේ යහපත වෙනුවෙන් වගකීමක් ඇති බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති  මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. 



අදහස් (20)

රට වෙනුවෙන් පොහොට්ටුව - එ.ජා.පය එකතු වෙනවා

දාස Monday, 12 December 2022 02:00 PM

ඕක අපි වෙනුවෙන් කියලා කිව්වා නම් ගැලපෙනවා කොල්ලෝ...

:       3       39

දිමුත්Monday, 12 December 2022 03:56 PM

ඔවි ඉතින් දැන් ඔය දෙකෙ ඒ හැටි වෙනසක් නෑනේ!

:       1       11

සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 December 2022 02:03 PM

රට වෙනුවෙන්..? අපොයි ඔව්...!

:       2       39

යෝගා Monday, 12 December 2022 02:13 PM

අපි වෙනුවෙන් අපි...

:       2       38

අනිල් Monday, 12 December 2022 02:14 PM

රට වෙනුවෙන්, රටේ ඉන්නේ හරක්නේ...!

:       3       30

C.K.Lankaputhra Monday, 12 December 2022 02:17 PM

රට වෙනුවෙන් නෙවෙයි... ඔබලා නිර්වස්තරෙන් ගොට්ට අල්ලන රාජයක්ෂයෝ වෙනුවෙන් කියන්න.

:       2       32

sharm warn Monday, 12 December 2022 02:32 PM

රට වෙනුවෙන් ....?? අනේ අම්මපාාාා..... පුදුම ජාතිආලයක් නෙ දෙවියනේ.

:       1       20

fairoos Monday, 12 December 2022 02:43 PM

කොහෙ එල්ලිලා ආවත් කමක් නැහැ. මෙදා පාරනම් ඔය සෙට් එකම ගෙදර තමයි

:       1       24

Nihal B D Monday, 12 December 2022 03:07 PM

මේ පක්ෂ දෙකම හොඳම අවස්ථාවේ ඉන්නේ..!

:       2       14

Hafeel Monday, 12 December 2022 03:37 PM

අනේ එහම එකතු වුනා කියල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් වෙන්න නැහැ. දෙගොල්ලම ප්‍රතිපත්තියෙන් හොරුන් සහ හොරුන්ගේ රැකවලා.

:       1       16

Deepal Nirosh Monday, 12 December 2022 03:38 PM

තවත් එකතු වෙන්න දෙයක් නැහැ මහත්තයො, මේ ජනාධිපති පත් වූ දා සිටම දෙගොල්ලොම එකතුයි. අපි වෙනුවෙන් අපි කියාගෙන යන ගමන යමු. උනුත් එකයි මුනුත් එකයි පැරණි සටන් පාඨය විතරක් අර පාර්ලිමේන්තුවෙ තුන් දෙනාට දෙමු. අපිට පුදුම ඇයි මේ දීගෙ ලියාපදිංචි කරන්න මෙච්චර පමා වුණේ ඇයි කියන එක?

:       1       16

ගමේ එකාලා Monday, 12 December 2022 03:48 PM

වැලේ වැල් නැති පොහොට්ටුවෙ දේසපාලුවන්ට අලියගේ නැට්ටේ එල්ලෙනව හැරෙන්ඩ වෙන මොනව කරන්ඩද ?

:       1       8

Sarath Perera Monday, 12 December 2022 04:11 PM

"ධනපති පන්තිය අර්බුදයට ලක්වන විට කොන්දේසි විරහිතව ඔවුන් එකතු වේ". ජාතික ජන බලවේගය වටා දිනෙන් දින ජනතාව රොක්වෙන එකට දූෂිත දේශපාලකයින් බියවී ඇත. ඡන්දදායකයනි.., මෙවර දූෂිතයින් එක්ව වෙනස් ඇඳුම් හැඳ ඔබ හමුවට පැමිණෙනු ඇත. නොරැවටී බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන්න...

:       2       5

කිරිපුතා Monday, 12 December 2022 04:13 PM

මඩට මඩ එකතුවුණා කියලා වෙනසක් හොයාගන්න බෑ.

:       0       6

Jagath Monday, 12 December 2022 05:05 PM

රට වෙනුවෙන් නොවෙයි, නුඹලාගේ පැවැත්ම වෙනුවෙන් තමයි නුඹලා එකතු වෙන්නේ. අපි දන්නවා ඒක. ඊළඟ මැතිවරණයේදී බලාගනිමු.

:       0       6

විපරමා Monday, 12 December 2022 06:33 PM

පොහොට්ටුවේ දූෂිතයින් ටික කලුතරින් එක්ව නැගිටින්න හැදුවා. බැරිවුණා. දැන් අලියගේ නැට්ටේ එල්ලිලා නැගිටින්න වගේ හදන්නේ....

:       0       6

මෝ Monday, 12 December 2022 08:02 PM

රට වෙනුවෙන්. මොවුන් මේ බලන්නේ කොහොමහරි බලයේ එල්ලිලා ඉන්න. මොවුන්ට එනපාර ඡන්දෙ නෙවෙයි, අසූචි වලින් ගහලා එලවපල්ලා.

:       0       2

Pathma Monday, 12 December 2022 08:27 PM

හොඳ නිවුස් එකක්...

:       0       0

Lalla Monday, 12 December 2022 08:46 PM

වැසිකිළි සුද්ධ පවිත්‍ර කරන තත්ත්වයට පත්වූයේ කොහොමද?.. හරිම කණගාටුවට කරුණක්...

:       0       2

sam Tuesday, 13 December 2022 07:21 AM

ඔවු ඉතිං ඌරො , ඌරු ජරාව කන්ඩ කොහොමත් එකතු වෙනවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1893 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site