රට පුරා විරෝධතා උත්සන්න වෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි. 06 May 2022
මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි. 06 May 2022
රාජපක්ෂවරුන් මා පරද්දන්න ප්රභාකරන් සමඟත් ’’චැට්’’කළා තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්රභාකරන් සමඟ ’’චැට් ’’එකක් දැමුවේ යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 May 2022
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට ආධාර යුරෝ ලක්ෂ දෙකක මුදලක් මානුෂීය ආධාර ලෙස ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත. 06 May 2022
‘විශ්වාසභංගයට ඉඩ නොදුන්නොත් කතානායක ගෙයත් වටලයි‘ කතානායකතුමා විශ්වාස භංග යෝජනාව පස්සට දාන්න හදන බව තමාගේ ඇඟට දැනෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2022
කටුනායක-මහනුවර පාර අවහිර වෙයි මිනුවන්ගොඩ නගර මධ්‍යයේ කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මල් වඩම් සහ මිනී පෙට්ටියක් තබා ගෙන දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ . 06 May 2022
අක්කරේපත්තුව ගැමියන්-පොලීසිය ගැටී ඕ.අයි.සී අතුළු 11කට තුවාල රිය අනතුරක් හේතුවෙන් අක්කරේපත්තුව පාලමුණෙයි ප්‍රදේශයේ දී ගම්වාසීන් පිරිසක් පොලිසිය සමග ඇති කරගත් ගැටුමකින් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 11 ට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය. 06 May 2022
සජබ මන්ත්‍රීට මැති සබේ එපා වෙයි ‘විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේ හැර තවත් සභාවට එන්නේ නැතැයි‘ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 May 2022
‘පිස්සන් වගේ වැඩ කරන්න එපා‘ පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසීය. 06 May 2022
මාස 6 බිලිඳිය වැසිකිලි වළට දමා මරලා සීදුව තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී මාස 6ක බිලිඳියක් වැසිකිලි වළකට දමා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි. 06 May 2022
‘හර්තාල් සාමකාමීව පවත්වන්න‘ වෘත්තිය සමිති , ශිෂ්‍ය ව්‍යාපාර වලට අයත් කණ්ඩායම් සහ අනිකුත් සංවිධාන විසිින් අද (6) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන ලෙසට පොලිස් මූලස්ථානය මහජනයා වෙත දැනුම් දෙයි . 06 May 2022
බොහෝ ප්‍රදේශවලට අදත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 May 2022
රුපියලේ අඩුවට කොන්දාගෙන් මගියට කණේ පහරක් බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු 72 හැවිරිදි වකුගඩු රෝගියකුට බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි 05 May 2022
කොළඹ ස්ථීර මාර්ග බාධක ඉවත් කරන්න කොළඹ නගරය තුළ ඉදිකර ඇති ස්ථීර මාර්ග බාධක ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (05) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 05 May 2022
මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ නිදහස් මාවනැල්ල සහ අවට බුදු පිළිමවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව වසර තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනකු නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව නිදහස් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 05 May 2022
හැදුනුම්පත් කාර්යාලය හෙට වැඩ නෑ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති හර්තාලයට සහයෝගය දැක්වීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවයට වාර්තා නොකරන්නේ යැයි දැනුම්දීම නිසා එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා අද (6) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 05 May 2022
අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 05 May 2022
තමිල්නාඩු මන්ත්‍රීවරු මාසික වැටුප ලංකාවට දෙති තමල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ මසක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්රදානය කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 05 May 2022
ආණ්ඩුවෙන් ස්වාධීන වූ කිහිප දෙනෙක් ජනාධිපති ආරක්ෂා කරනවා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(5)පැවසීය. 05 May 2022
ඉන්ධන බෙදීම සීමා වෙයි ඉන්ධන පිරවුම්හල්වලින් වාහන සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය නැවත සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 May 2022
පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණූ නඩු භාණ්ඩ බාරකරු 19 තෙක් රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් ගබඩා කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරියකුට විකුණූ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධසනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (05) නියෝග කළාය. 05 May 2022
මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි මේ සතියේදීත් ජනතා ප්‍රශ්නවලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත් පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 05 May 2022
අත්‍යවශ්‍ය සේවා සඳහා බස් සහ දුම්රිය රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඇතුළු පිරිස් හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (5) ප්‍රකාශ කළේය. 05 May 2022
මහ බැංකු හිටපු අධිපතිගේ විදෙස් තහනම දික් කරයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර විකුණා එමගින් රජයට රුපියල් බිලියන 1040 ක් පාඩුවක් සිදුකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන 23 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (05) නියෝග කළේය. 05 May 2022
මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට ගිනි තබයි ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නොදුන්නොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුවට ගිනි තබනු ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2022
විපක්ෂ නායක රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට සහය දෙනවා විපක්ෂ නායකවරයා රට බාර ගන්නවා නම් විශ්වාසභංගයට අත් දෙකම උස්සා සහයෝගය ලබාදෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 May 2022
කපුටකු වීම ගැන ලැජ්ජා වෙනවා පාර්ලිමේන්තුවේ කපුටන් දෙසිය විසි පස් දෙනාගෙන් එක් කපුටකුවීම ගැන තමා ලජ්ජා වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 May 2022
ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටෙයි රුපියල් කෝටි 10 ට අලෙවි කිරීමට සූදානමින් සිටි ගජමුතු 07 ක් සහ මුතු 06 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 05 May 2022
ජනතා හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තු විශ්වාසය නැති වේවි ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 05 May 2022
ආගමන විගමන ලොක්කෝ වී.අයි.පී. වැඩවලින් ඉවත් වෙති කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026