IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටු - අලි එකතු වෙයිද?

(කාංචන කුමාර ආරියදාස)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් . චන්ද්‍රසේන මහතා පැවසීය.

හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය,

අමාත්‍යවරයා මෙසේ කීය.

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක් මුදලක් අවශ්‍ය බව කියනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීම සඳහා සූදානමින් සිටිනවා. 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ පොහොර ගැටලුව ඇති කළ නිසා රටේ ප්‍රශ්න ඇති වූණා. එසේ නොවන්නට පක්ෂයක් හැටියට රටට කිසිදු අසාධාරණයක් සිදු කර නෑ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගම්ට යා නොහැකි බවට නැගෙන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ වන විටත් තමන් ඇතුළු කණ්ඩායම් තම ප්‍රදේශයේ ගම්මානවල සැරිසරමින් දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

තවත්පක්ෂ ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා  සිදුවෙනවා.   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදීරි දේශපාලන කටයුතු තවදුරටත් සන්ධානගතව සිදුකරනවා.

 



අදහස් (9)

පළාත් පාලන ඡන්දයේදී පොහොට්ටු - අලි එකතු වෙයිද?

මොට්ටපාල Monday, 12 December 2022 12:33 PM

මට ජ්‍යෝතිෂවේදී යෝගිතුමාගේ අනාවැකිය හරියටම හරියාවි කියලා හිතෙනවා එතුමා කිව්වෙ 2024 සජිත් ජනාධිපති වෙනවා කියලා සජබට ජයවේවා !!! කොහොම වුනත් පොහොට්ටුවට එකතුවුනොත් එජාපයේ විනාශය වලක්වන්නම බැහැ

:       4       9

Buddika Monday, 12 December 2022 12:40 PM

වැඩක් නෑ .සක්‍රය ආවත් පොහොට්ටුව, UNP එක මිනිස්සුන්ට එපා වෙලා ඉවරයි. මෙ යතාර්තය මෙ පක්ෂ දෙකම දන්නෙ නෑ. පොහොට්ටුවෙ සහ UNP එකේ නියොජිතයන්ට චන්දයක් ඉල්ලන්න ගෙදරකට යන්න බෑ. මෙකයි යතාර්තය. පක්ශ දෙකෙ මහ මිනිස්සුන්ටත් පැවතීම නෑ. එත් හම්බන්තොට ඉන්නෙ රජපක්ලගෙ බැලමෙහෙවරකම් කරපු නායකයො නිස උන් නම් චන්ද ටිකක් දෙයි. එත් අති බහුතරය විරුද්දයි. අද මහා ලොකුවට පරම්බාන ආන්ඩුවෙ වැඩි පිරිසක් ගෙදර ාම වලකන්න බෑ.

:       1       4

Hafeel Monday, 12 December 2022 12:47 PM

මෙච්චර කල් ජ වි පෙ එකට මඩ ගැහුවේ රතු අලියා කියල. ඒ වගේම රනිල්ට අලි කොටි කියලත් මුද්දර ගැහුවා. දැන් නම් මුළු රටටම ඔප්පු වෙලා ඉවරයි කොව්ද අලි කොටි කියලත්, කොව්ද සුනාමි හොරුන්ව ආරක්ෂා කරනවා කියලත්, කොව්ද මහ බැංකු හොරුන්ව ආරක්ෂා කරනවා කියලත් සහ දෙගොල්ලම එකතු වෙලා පාස්කු ප්‍රහාරයේ විමර්ශනයත් යටපත් කළා.

:       1       11

nanda Monday, 12 December 2022 01:31 PM

රට බංකොළොත් කරන්න වගකිව යුතු අලි-පොහොට්ටු හොර කණ්ඩායම එකට ඡන්දෙ ඉල්ලන එක හොඳ අන්ත පරාජයක් නියතයි...

:       1       7

දිමුත් Monday, 12 December 2022 01:38 PM

"කුරහන් අලි"

:       1       5

Perera Monday, 12 December 2022 01:59 PM

මේ හොර හැතිකරේ එකෙකුට හරි ඡන්දයක් දෙන කෙනෙක් ඒ ඡන්දෙ දෙන්නේ රට තව වලපල්ලට යවන්න මිසක් රට ගොඩගන්න නොවන බවට හිතේ තියාගන්න.

:       1       8

Dharmatileke Monday, 12 December 2022 03:12 PM

මේ දෙපැත්තේ කාටවත් ඡන්දෙ දෙන්න එපා.. ඒ ගොල්ලොමයි බයවෙලා ඉන්නේ...!

:       0       2

ගමේ එකාලා Monday, 12 December 2022 04:03 PM

කපුටා මාක් එකෙන් වෙන්ඩැති එන්න හිතාගෙන ඉන්නේ... මොලේ ඇති අය නම් මේ අයට කවදාවත් ඡන්දෙ දෙන එකක් නැහැ...

:       0       2

Deepal Nirosh Monday, 12 December 2022 04:16 PM

1951 දී අලියා විසින් අත මෙලොවට ජාතක කළා, 1990 වන තෙක් ඒ හැදුණු වැඩුණු අත සමඟ අලියා එකතු වෙන්න හැදුවා. ඒ පූට්ටුවෙන් පුටුව ජාතක කළා. මට මතක හැටියට හැදුණු වැඩුණු පුටුව 2002 දී පමණ අලියා සමඟ එකතු වුණා. ඒ හමුවෙන් බුලත් කොළය මෙළොවට ජාතක කළා. ඒ බුලත් කොළයත් 2015 දී අලියා සමඟ එකතු වුණා. මොකද වුනේ? පොහොට්ටුව මෙලොවට බිහිකළා. අතට, පුටුවට, බුලතට වෙච්චි දේ මතක නැතුවද මෙපමණ... ජවයක් සහිත අලියෙක් සමඟ මේ පොහොට්ටුව එකතු වෙන්න හදන්නේ? අලියා කියන්නේ මේ ලෝකෙ දීඝායු විඳින සත්ත්වයෙක්....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site