(යොහාන් භාසුර)
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා ලබාදීමට පුද්ගලයින් නව දෙනෙකුගෙන් රුපියල් 5,015,000ක මුදලක් ලබාගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.
සංචාරක වීසා මගින් මැලේසියාවය පිටත්ව යෑමට උත්සහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපලේදී පසුගියදා නතර කරගත් පිරිසගෙන් අනාවරණය කරගත් තොරතුරුවලින් මෙම කාන්තාව ජාවාරමට සම්බන්ධ බවට හදුන්ගත් බවත් විදේශසේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟ හරිමින් සිටි අදාල කාන්තාව පසුව පැමිණ භාරවූ බවත් එම කාර්යංශය කීය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් විදේශ ගත කිරීමට උත්සාහ කළ නවදෙනා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඇයට විරුද්ධව නඩු ගොනු කීරිමට විමර්ශන අංශය කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේදී අනෙක් පුද්ගලයින් 8 දෙනා වෙනුවෙන් තවත් නඩු 8 ක් ගොනු කීරීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd