(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එකම විෂයක් සම්බන්ධයෙන් පවතින ආයතන ඒකාබද්ධ කොට ලබන වසරේ සිට එක් සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් අදාල ආයතනවල වියදම සියයට 50කින් පමණ අඩුවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අදාළ තීරණය ජනාධිපතිවරයා ගේ ද පැසසුමට ලක් වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මිල්කෝ සමාගම සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයත් මෙලෙස ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට නියමිතය.
COMMENTS
වාරිමාර්ග දෙදෙපාර්තමේන්තුව ජාතික ජලසම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලයට එකතු කරා නම් හොදයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තිබ්බා කියලා මොකක්ද හොද දෙය වියදම් විතරයි රජයට වැය බරක් විතරයි එනිසා ඒ දෙක එකතුකර ප්‍රතිව්‍යුහගත කිරිමයි වටින්නේ
මෙම වැඩපිළිවෙළ සෙසු ඇමැතිවරුන්ට ද ආදර්ශයක් විය හැකියි...
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියලා දෙකක් තියෙනවා. මේක බොහෝ දෙනෙකුට ගැටලුවක්. මොකක්ද මේ දෙකෙන් කෙරෙන්නේ කියලා කියන්න...?
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එකතු කරලා ව්‍යාපාර සංවර්ධනයට එක ආයතනයක් හදන්න ඕනෑ.
ගොවීන්ට හරි වෙලාවට පොහොර ටිකවත් දෙන්ඩ බැරි උන් ඉන්නේ? හතරට බස්සලා නෙවෙයි වහලම දාන්ඩයි වටින්නෙ ?
අටක්...? 56ක් තියෙනවා. වැඩක් වෙන්නේ නැතත් ආයතන නම් තොගයයි. ඉතුරු 48 ඇමැතිට පේන්නේ නැද්ද?