
(කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර පලුගස්වැව හොරිවිල අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹුවන් විනාශ කර ඇතැයි ගොවීහු පවසති.
විශාල බඩඉරිඟු වගාව ඇති හොරිවිල හේන් සියල්ලම සේනා දළඹු ව්‍යාප්ත වී ඇතැයි ද මෙතෙක් කිසිදු වගකිව යුතු බලධාරියෙකු පැමිණීම සොයා බැලීමක් සිදු නොකළ බව ද ගොවීහු චෝදනා කරති.
වෙළඳපලේ ඇති විවිධ කෘමි නාශක භාවිතා කළ ද මෙවර වගාවට හානි කරන සේනා දළඹු විශේෂය විනාශ නොවන බව හොරිවිල ගොවීහු පවසති.
බීජ සහ බිම් සැකසීම සදහා විශාල මුදලක් වියදම් කර මෙවර සියලුම ගොවීන් අක්කර 1500 ට වඩා භූමියක බඩ ඉරිඟු වගා කර ඇත.
මේ වන විට සියලුම ගස් සේනා දළඹුවන් කා දමා ඇතැයි ද දින කිහිපයක් ඇතුළත මෙම සේනා ප්‍රහාරයෙන් වළක්වා නොගතහොත් අක්කර 1500 ක බඩඉරිඟු අස්වැන්න රටට අහිමි වන බව ද ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර වෙනදාට වඩා ගොවීන් කුඹුරු වගාකර තියෙනවා කියලා පේනවා නමුත් ඔවුන්ට යූරියා නැහැ බන්ඩි පොහොර නැහැ දුන්නෙ කොම්පෝස්ට් කියලා කුණුගොඩක් (වැව්වල පස් ගොඩදාපුවාද කියලා හිතුනා තිබුනෙ වැලි නිසා ) ගොයම් කොළ කූරු වගෙයි පදුරු හැදෙන්නේ නැහැ කෘපනිසලා දකින්නත් නැහැ ඒ අතර බඩ ඉරිගු වගාවට .........සේනා කාලයේ පැමිණි සේනා දළඹු හානිය .කොහොමත් ලොක්කො වී ගබඩාකිරන්න බැරිවේවි කියලා හිතාගෙන හිටියත් 2023 සාගත වසරක් වෙන්න පෙරනිමිති පහලවෙලාද කියලා හිතෙනවා