(ඩයනා උදයංගනී)
පිටරටවල ඉගෙනගත් හා ජීවත්වන පරංගි ඇවිත් කී පලියට නයිට් ලයිෆ්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ගංජා ආදිය මෙරට සංස්කෘතියට එක්කිරීමට ඉඩ දිය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
උතුම් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සීලාචාරකම හා සංස්කෘතිය විනාශ කිරීමට ඔවුන්ට ඉඩදිය නොහැකි බවත්, එවැනි මෝඩ දේ කිරීමට ඉඩනොදෙන ලෙස තමන් සංඝයා වහන්සේ ප්‍රමුඛ ආගමික නායකයින් ඉල්ලීමක් කරන බවත් කාදිනල්තුමෝ සඳහන් කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ ලෝක බැංකුවෙන් හෝ කී පලියට රටට නොගැලපෙන නීති ක්‍රියාත්මක කිරීම හිඟා කන වැඩක් බව ද කාදිනල්තුමෝ කීහ.
ඇතැම් දේශපාලනඥයින් ලංකාවම විකුණා හෝරි කකා බිබී ඉන්නට කල්පනා කරමින් විදේශීය සමාගම්වලට රටේ කොටස් ලබාදෙන බවත්, ‘බලය, තනතුරු ආරක්‍ෂා කරගැනීම සඳහා රට පාවිච්චි කරන්නට එපා’ යැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මීගමුව, කුරණ, ශාන්ත පීතර විද්‍යාලයේ ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘කවුරු කිවත් මෙරට සංස්කෘතිය විනාශ කිරීමට ඉඩදෙන්න බෑ‘‘
de silva berlin Sunday, 11 December 2022 04:51 PM
මම බෞද්ධයෙක් වුණත් ඔබවහන්සේට ප්‍රණාමය පුද කරනවා, ඔබ වහන්සේ අපේ ජාතියේ පිනට පහල වුණ සම්පතක්. යුග පුරුෂයෙක්. යුරෝපයේ ක්‍රිස්තියානි දහම අදහන බොහෝ පිරිසක් ගංජා ගහනවට, අශීලාචාරලෙස කාමය වරදවා හැසිරෙනවට විරුද්ධ බව සඳහන් කළ යුතුයි.
රනේ Sunday, 11 December 2022 05:30 PM
අපි ඔබ ව අගය කරමු.
Karl Sunday, 11 December 2022 06:17 PM
ඔබ වහන්සේට තියෙන ගැම්ම අද බොහෝමයක් හාමුදුරුවන්ටවත් නැහැ... රට ගැන කැක්කුමක් තියෙන දුර්ලභ ආගමික නායකයෙක් ඔබ වහන්සේ...!
Kandy Whip Sunday, 11 December 2022 08:22 PM
පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන කණ්ඩායම් ලංකාවට ඒ අයගේ සංස්කෘතිය හඳුන්වලා දීලා වසර 2500ක ඉතිහාසය විනාශ කළා..
Ranjit Monday, 12 December 2022 02:08 AM
කවුද අප්පා කාදිනල් උතුමාට ඒ මුසාවාදය කිවේ ?
kusal perera Monday, 12 December 2022 04:05 AM
ඔබතුමා මොනවද මේ දොඩවන්නේ.
Sk Monday, 12 December 2022 06:03 AM
අපේ හාමුදුරුවරුන් නිහඩයි මේවට.
Bamunuarachchi Monday, 12 December 2022 06:53 AM
මේ හැරෙන්නේ මොන පැලයටද ?
de silva Monday, 12 December 2022 08:18 AM
ලංකාවේ සංචාරක කර්මානත්ය දියුණු කරන්න ඕන නම් ගංජා වවන්න ඉස්සෙල්ලා කරන්න කොපමණ වැඩ තිබෙනවද.?
SUNIL MILANO Monday, 12 December 2022 12:48 PM
මම ගොඩක් ගරු කරපු චරිතයක් . දැන් නම් බලු වටින්නෙ නැහැ මෙයා.
Bravo Monday, 12 December 2022 02:20 PM
අනගාරික දර්මපාල වගේ මෙයත් ඔලුව අතගාල ටොක්ක අනින්නේ, අහු වෙන්න එපා