(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත පොලිසියේ මූලිකත්වයෙන් මරදාන,දෙමටගොඩ,මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ හදිසි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 25 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් 25 දෙනා අතර වරෙන්තුකරුවන් 10 දෙනකු ද සිටින බව පොලීසිය කියයි.
මෙහෙයුම ඊයේ. රාත්‍රී 8.00 සිට 10.00 දක්වා සිදුකළ බව පොලීසිය සඳහන් කරයි.
හෙරොයින්, අයිස්, ගංජා, මාවෝ, මත්ද්‍රව්‍ය ද මෙහි දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ තියාගෙන ඉන්න අය විතරක්ම අහුවෙන්නේ ගෙන්වන අය අහුවෙන්නෙම නැත්තේ ඇයි කියලා හිතෙන්නේ මට විතරද.?