IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති රට බාරගත් හේතුව කියයි

(අංජුල මහික වීරරත්න)

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරී තත්ත්වයක පැවති අවස්ථාවකදී වුවද තමා රට බාරගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනඟා දීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තීන්දු තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25ක ඉදිරිය ගැන සිතා බව ද ජනාධිපතිවරයා කීය.

වත්මන් ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩනැඟීමේ දී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් 306 C – 2 ලියෝ සමාජය සඳහා දීපව්‍යාප්තව සාමාජිකයන් 6,500ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද (11) පෙරවරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.



අදහස් (10)

ජනපති රට බාරගත් හේතුව කියයි

විපරමා Sunday, 11 December 2022 05:35 PM

රට බාරගත් ඇත්තම හේතුව රටම දන්නවා. දූෂිත පවුල් පාලනේ රාජපක්ෂලා රකින්නනේ?

:       21       25

sena Sunday, 11 December 2022 05:39 PM

එහෙම නැතිව බල තණ්හාව චුට්ටක්වත් නැහැනේ...? 

:       15       22

Deepal Nirosh Sunday, 11 December 2022 06:54 PM

මෙතුමාට රට බාරදීමට හෝ ගැනීමට හෝ සිදුවූ එකම හේතුව ජනාධිපති ධුරය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි. ඒ මිසක් තමන්ට ධුරය දැරීමට ජනවරමක් නැති බව සිහි තබාගෙන කටයුතු කළොත් රටට යහපත්... ජනමතයකින් බලයලත් ජනපතිවරයෙකු පත්වන තෙක් හිටපු ජනපතිගේ නිල ධුරකාලය ගෙනයාම පමණයි ජනතාව මෙතුමාට බාරකළේ...

:       32       11

PereraSunday, 11 December 2022 10:36 PM

ජනතාව නෙවෙයි මෙයාව බාරකළේ... ජනතාව විසින් එළවා දාපු ජනාධිපති මෙයාට බාර කළේ...!

:       14       20

Hemantha kumara Sunday, 11 December 2022 07:05 PM

ඒක තමයි වසන්ත මුදලිගේ වැනි අය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත් දමා අත්අඩංගුවට අරගෙන ජීවිත විනාශ කලේ. පට්ට ජනාධිපතිිවරයා...

:       28       24

ගමේ එකාලා Monday, 12 December 2022 03:34 AM

ජනපති සිහිනය මෙයාගේ යටි හිතේ තිබුනු දෙයක්. පරණ පිනක් පෑදිලා පින් ජනපතියා උනා.

:       4       12

nanda Monday, 12 December 2022 07:15 AM

මෙයට ජනතාව කැමතිනම් ඡන්දෙන් පැරදෙන්නෙ නැනේ.

:       5       12

Dharmatileke Monday, 12 December 2022 09:19 AM

දේශපාලනයෙන් කුනුබාදියට දාපු මිනිහෙක් තරුණ තරුණියන් වෙනුවෙන් රට බාර ගත්තල වසන්ත මුදලිගෙ මහල්ලෙක්ද?

:       2       6

sharm warn Monday, 12 December 2022 09:44 AM

අනේ පවු... ගෙටත් ගිනි තියාගෙන ගත්තු පුටුවනේ ඉතින්... රට ගිනි තියන එකනේ කරන්නේ... ඔක්කොම ලොකු කතා රෝයල් එකේදී... පවු රෝයල් එකට යන ළමයි. මේවා හදන්නෙත් මෙයාගේ තාලෙට අන්තිමට...

:       1       7

සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 December 2022 11:02 AM

ඔබතුමා කළ යුතුව තිබුණේ,විධායක බලය අතට ගත් වහාම,රට බංකොලොත් කළ සාටක පරපුරේ අයව හා ආර්ථික ඝාතකයන්ව අල්ලා,ඔවුන්ට දඬුවම් කොට, පැන්ඩෝරා මුදල් ඇතුළු හොරුන්ගේ දෙස් විදෙස් මුදල් හා අයුතු ලෙස ඉපැයූ දේපල හා මුදල් නැවත ලබා ගැනීමට කටයුතු කිරීම යි.අමාරුවෙන් හෝ ඔබතුමා එසේ කළේ නම්,එසේ කොට ඡන්දයක් තැබුවේ නම්,ඔබතුමා නිතරඟයෙන්ම රටේ රාජ්‍ය නායකයා වන්නේය.කුමක් හෝ අවාසනාවකට සිදු නොවූයේ ද එයයි.ඔබතුමා සාටකයන් ඇතුළු හොර නඩය අල්ලා ගැනීමට කටයුතු කළා නම්,රටේ මුදල් හා දේපළ යළි ලබා ගත්තා නම්,අපට පිටරටට ණය වීමට හෝ මේ අධික බදු බර හා අධික බඩු මිල වැඩිවීම දැරීමට සිදු නොවනු ඇත.අරගල කළ අය අතරේ ඔබ වීරයෙකු ලෙස පත්වීමට පවා ඉඩ තිබුණි.එහෙත්,සිදු නොවූයේ ද එයයි. අපේම අවාසනාව ....

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site