
(ටී.කේ.ජී.කපිල)
ජාත්‍යන්තර රොටරි සංවිධානයේ සභාපතිනී ජෙනිෆ ජෝන්ස් (Jennifer Jones) මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස දිවයිනට පැමිණියාය.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රොටරි සංවිධානයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ලෝකයේ රටවල් 210 ක සාමාජිකත්වය හිමි මෙම ජාත්‍යන්තර රොටරි සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආසනයක් ද හිමි වී තිබේ.
ඇයගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිතය.
මෙම සංචාරය තුළ ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පිරිනැමීම, ශ්‍රී ලාංකික සිසුන් 500 ක් සදහා පිලිපීනයේ විශ්ව විද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය හැදෑරීම සදහා ශිෂ්‍යත්ව යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පිරිනැමීම , රොටරි සමාජය ඉදි කර පරිත්‍යාග කළ පිළිකා හදුනා ගැනීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සහ එම රෝහලට අවශ්‍ය නවීනතම උපකරණ සහ එන්නත් පරිත්‍යාග කිරීම සහ කොළඹ කොටස් වෙළෙඳ පළ තුළ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් ඉහළ රාජතාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
ජෙනිෆ ජෝන්ස් මහත්මිය වසර 25 ක් ඉපැරැණි සුප්‍රකට කැනඩාවේ ඔනටාරියෝ හි මීඩියා ස්ට්‍රීට් ප්‍රොඩක්ෂන් ( Media Street Production ) මාධ්‍ය ආයතනයේ සභාපතිනිය ද වේ
මෙම සංචාරය සාර්ථක කර ගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ද සහාය දක්වා තිබේ .
ජෙනිෆ ජෝන්ස් මහත්මිය සමග ඔහුගේ සැමියා ඇතුළු පිරිස පැමිණ ඇති අතර ඔවුන් ලබන 15 වැනි දා තෙක් රැඳී සිටිනු ඇත. ජොනිෆ ජෝන්ස් ඇතුළු පිරිස ඉන්දුනීසියාවේ ජාකර්තා බලා පිටත්ව යාමට නියමිතය .

2025 ඔක්තෝබර් මස 08
1561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1362
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රොටරි සභාපතිනිය දිවයිනට