මෛත්‍රීගෙන් සජිත්ට අනුරට ඇරයුමක් සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතට ඇරයුමක් කර ඇත. 07 May 2022
විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 May 2022
ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි 07 May 2022
අර්බුදය විසඳන ජාතික වැඩසටහනකට සජබ කැමැත්ත දෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කළ බව සමගි ජනබලවේගය නිවේදනය කරයි. 07 May 2022
පළාත් පාලන ප්‍රධානීන් අගමැතිට යන්න එපා කියයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පළාත් පාලන නියෝජිතයෝ කියති 07 May 2022
‘සෙංකෝලය පැහැරගැනීමට යාම ගැන විශේෂ අවදානය‘ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය පැහැරගෙන පාලිමේන්තුව අවට උද්ඝෝෂණකරුවන් රැඳී සිටි ස්ථානයකට රැගෙන යෑමේ උත්සාහයක් තිබී ඇතැයි රජයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විශේෂ අවධානය යොමු කර ඇත. 07 May 2022
පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක ඉවතට පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ මාර්ග විවෘත කර ඇතැයි වාර්තා වේ. 07 May 2022
නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක් සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 May 2022
ආණ්ඩුව පිහිටුවන්න සජිත් නාවොත් කැරලිකරුවෝ සූදානම් අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්,අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 May 2022
‘ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 සදුදා එනවා පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික්ටොන් 40000 ක් ලබන සදුදා (9) ගොඩබෑමට නියමිත බවත් ඔටෝ ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2500 ක් සාමාන්‍යයෙන් මේ වන විට සපයන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 07 May 2022
ඉන්ධන කැණීමේ ප්‍රමාදය ගැන කෝපා කමිටුවේ නොසතුට මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ( කෝපා ) විශේෂ අවධානය යොමුවිය. 07 May 2022
අලුත් බදු රොත්තක් ළඟදීම මැතිසබයට රජයේ ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 07 May 2022
ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන් නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 07 May 2022
බඹරු ඇන 9 ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (07) එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 09 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 07 May 2022
හිටපු ඇමැතිවරු 20ක් තවම සමිට් නිවාසවල ආණ්ඩුවෙන් මෑතකදී ඉල්ලා අස් වූ හිටපු ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ඔවුන් ඇමැතිවරුන් හැටියට පාවිච්චි කළ සමිට් සුපිරි නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි වාර්තා වේ. 07 May 2022
හිටපු ජනපති සමඟ ස්වාධින වූ මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ දී අද(07) පැවැත්වේ. 07 May 2022
හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට එජාප හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා සජබ නියෝජනය කරමින් පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වූ තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (07) දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 07 May 2022
අගමැති ධූරය බාරගන්නැයි සජිත්ට ආරාධනා ? අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (09) ධුරයෙන් ඉවත් වීමත් සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 May 2022
හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ. 07 May 2022
මැති ඇමැති පවුල්වල පාර්ලිමේන්තු සවාරි නවත්වයි මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවා ඇත. 07 May 2022
’හදිසි නීතීය අවලංගු කරන්න’ රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එබැවින් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 May 2022
ඩොලර් සොයන වැඩේට හමුදාවත් අත ගහයි විදේශ විනිමය (ඩොලර්) උපයා ගැනීමේ අරමුණෙන් යුදහමුදා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා වැඩි වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 07 May 2022
‘ව්‍යවස්ථා සංශෝධන ගැන ගැසට්ටුව ප්‍රකාශයට’ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති 21 වන සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළත් ගැසට් අතිරේකයක් නිකුත් කරනු ලැබ ඇත. 07 May 2022
ඇතැම් ප්‍රදේශවලට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) වැසි වාර කිහිපයක් ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 May 2022
කියුබාවේ හවානා නුවර පිපිරීමක් කියුබාවේ හවානා අගනුවර සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. 07 May 2022
කඩුවෙළ මහේස්ත්රාත්ගෙ ඉවත් කළ ආරක්ෂාව යළි ලබා දෙයි කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියට ලබා දී තිබු පොලිස් ආරක්ෂාව ඉවත් කොට පැය දෙකකට පසු නැවතත් එම ආරක්ෂාව සැපයීමට පොලිස්පතිවරයා පියවර ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. 06 May 2022
රටපුරා හදිසි නීතිය පනවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 06 May 2022
අගමැති මහින්ද තීරණයක් ගනී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 06 May 2022
සියඹලාපිටිය යළිත් ඉල්ලා අස්වෙයි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා යළිත් එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 06 May 2022
පොලිස් ඇමැතිගේ නිවෙස වටලයි මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත. 06 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026