ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගල අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් පවත්වමින් සිටිද්දී, වෙඩි තැබීම සිදුවුණු බව ද පැවැසෙයි. වෙඩි තැබීම කළ සැකකරු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු සඳහා වියෙම්බිලා නමැති නගරයේ බංගලාවක් සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරින්ට වෙඩි ප්‍රහාරය එල්ල විය. මියගිය සෙසු පිරිස පොලිස් විමර්ශනයට සහාය දක්වමින් බංගලාව අසලට රැස්වුණු පිරිස් පැවැසෙයි.
මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනා අවුරුදු 26 ත් 29 ත් වයස්වල පසුවන්නන් බව ක්වීන්ස්ලන්ඩ් පොලිස්පති කැත්‍රිනා කැරොල් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කරමින් පැවසුවාය. මාධ්‍ය හමුව අතරතුරේ පොලිස්පතිනිය කඳුළු සැලූ බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමක්