
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තව වසරකින් දික් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (13) දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය.
"පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට විතරක් මෙතනදී විශේෂයක් කළොත් අපි අපිටම බෙදා ගන්නවා කියන චෝදනාව මතුවී රටේ නැවතත් ලොකු අර්බුදයක් ඇතිවෙනවා" යැයිද ඔහු සඳහන් කළේය.
සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාමය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
රංජිත් සියඹලාපිටිය මහතා:
පාර්ලිමේන්තුවෙන් මේ ඉල්ලීම ඇවිත් තියෙනවා. රාජ්‍ය සේවයේ සියලු දෙනාටම මේ ප්‍රශ්නය තියෙනවා. මහා භාණ්ඩාගාරය මේ ප්‍රශ්නය බලන්නෙ එක ප්‍රශ්නයක් විදියට නොවෙයි. ඒ අය බලන්නේ රටක් විදිහටයි. මෙතනදී පොදු තීරණයකට එනවා හැරෙන්නට වෙන විකල්පයක් නැහැ. මහා භාණ්ඩාගාරය අද ඉන්නේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන තැනක. අපි මේ ඇත්ත අවබෝධ කරගත යුතුයි
කතානායක
පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් කියලා අමතක කරන්න එපා
සියඹලාපිටිය මහතා
එහෙමනම් අපි පොදු තීරණයකට එන්න ඕන. මහ භාණ්ඩාගාරය ඉන්නේ ඒ මතයේ. එහෙම නොකළොත් අපි අපිටම බෙදාගන්නවා සහ අවශ්‍ය නීති හදාගන්නවා අපිට කියලා චෝදනාවක් ඒවි ඒ තත්වයට යා යුතු නැහැ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ විශ්‍රාමය ගැන කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව රැස්වී තීරණයක් ගත්තා. අපි ඒකට අස්සන් කළා. නමුත් රංජිත් සියඹලාපිටිය මහත්තයට ඒක අත්සන් තබන්න බැරිවෙලා තියෙනවා. හැට පහ හැට කිරීම තුළ ඇතිවී තිබෙන ඛේදවාචකයේ ප්‍රතිඵල. හැට හැට පහ කළට පස්සේ නිලධාරීන් බැංකුවලට ගිහින් ණය අරගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ නිලධාරිනුත් ඒ වගේ ණය අරන් තියෙනවා. 65 දක්වා දික් කරපු නිසා ගත්තේ. දැන් කියනවා ඒ ගත්තු ණය පියවන්න කියනවා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ කාලය වසරකින් දීර්ඝ කරන්න. අපි ගත්ත තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. සියඹලාපිටිය මහත්තයට භාණ්ඩාගාරයේ මතය පළ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වැඩේ කළාම අමතර පිරිවැයක් වැය වෙන්නේ නැහැ. කොහොමද මේ අය මේ ණය ටික පියවන්නෙ. වහාම ඒ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ තීරණය ක්‍රියාත්මක කරන්න.හැට හැට පහ කිරීමට ගත් තීරණයට අපි සම්බන්ධ නෑ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා :
විපක්ෂ නායකතුමා විසි හත දෙක යටතේ නැගිටලා වෙන වෙන ප්‍රශ්න ඇදගෙන යනවා. අපි ස්ථාවර නියෝග අනුව කටයුතු කරමු.
විපක්ෂ නායක:
තෙන්නකෝන් ලාබාල ඇමතිතුමා මෙතන සම්ප්‍රදායික දැනගන්න. ඔබතුමා නොදන්නවනම් ඒස්කින් මේ ගේ පොත කියවලා බලන්න.
සියඹලාපිටිය මහතා:
විපක්ෂනායකතුමා තුන්වතාවක් මේ ප්‍රශ්නය මෙතන කතා කළා. මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි.
රට අද තියෙන තත්වය අවබෝධ කරගත යුතුයි. මහා භාණ්ඩාගාරය මෙතැනදී අමානුෂික ලෙස හැසිරිලා නැහැ. මහා භාණ්ඩාගාරය රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න බැඳී සිටිනවා.
විපක්ෂ නායක:
එදා රැස්වීමේදී අපි හතරදෙනාම එකඟ වුණා. සියඹලාපිටිය මහත්තයත් එතන හිටියා. එතනදි ඔබතුමාට ඔය තීරණය කියන්න තිබුණා.
සියඹලාපිටිය මහතා:
මම ඒ සාකච්ඡාවේදී කිව්වා මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් කියලා. මහ භාණ්ඩාගාරයේ මතය වෙනස් කියලා මම එතැනදි පැහැදිලිවම කිව්වා. ඒ සටහන බලන්න කියලා මම ආරාධනා කරනවා.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා:
සියල්ල දත් මහදැනමුත්තා විපක්ෂ නායකතුමාට මේ සභාවේ සියලුම කාලය වෙන් කරන්න කියලා මම ඉල්ලනවා.
විපක්ෂ නායක:
මම මහදැන මුත්තා කියලා කීම ගැන සතුටු වෙනවා. හැබැයි මම මාතලේ මැරදැනමුත්තා නොවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු සේවකයෝ අළුතින් ගන්න පුළුවන්. 60න් විශ්‍රාම යවන විශේෂඥ වෛද්‍යවරු, විශ්වවිද්‍යාල මහාචාර්‍යවරුන් ගෙන් වෙන පුරප්පාඩු පුරවන්න පුළුවන් ද? ඒ ගැන කතා කරන්නේ අනුර දිසානායක විතරයි.
නීතිය සහ රෙගුලාසි කාටත් සම වියයුතුයි.
සජිත් දක්ෂ නායකයෙක්. ඔහු ඉදිරි රටේ නායකයා වීම ස්ථිරයි.
මහජන මුදල් නිකරුණේ කාබාසීනියා කරන වැඩකට නැති 60 පැන්න දේසපාලුවොත් ඉන්නවා?
නීතිය නම් උස උනත් මිටි උනත් නීතිය නේද?
චන්දයක් තියන්න හැකි ඉක්මනින්, හැම ප්‍රශ්න කට ම උත්තර හොයන්න පුළුවන්.