(ෂේන් සෙනෙවිරත්න සහ ඉන්දිකා රාමනායක)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි කළ බවට චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ .
එම සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, මාතලේ, සඳලංකාව, හේනේගමුව, ගිරිඋල්ල, ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ය.
එම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනෙකු මහාචාර්යවරයාගේ නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරාවලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව තවත් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd