(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී.කේ.ජී.කපිල)
කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත.
සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබුණි.
අනතුරුව සැකකරු සිය මෝටර් රථය එම ස්ථානයේදීම දමා පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මත හිඳුනට පස්සේ ආපහු ඇවිල්ලා. ලොකු කලුකෝට්කාරයෙක් උපදෙස් දෙන්න ඇති
මාර දක්ෂයෙක්... 10 ක් හැප්පුවා... 13 වෙනකොට රට ගිහිල්ලා ආපහු එනවත් එක්ක. කොහොම සල්ලියක් ඇතිද? මෙහෙම නිකන් හිතූ හිතූ වෙලාවට රට පනින්න. අනිවාර්යයෙන් හොඳ කුට්ටියක් විසිකරලා බේරෙයි...