(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී.කේ.ජී.කපිල)
කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත.
සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබුණි.
අනතුරුව සැකකරු සිය මෝටර් රථය එම ස්ථානයේදීම දමා පලා ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනතුරින් පසු ඩුබායි පැන්න ව්‍යාපාරිකයා අත්අඩංගුවට
යෝගා Tuesday, 13 December 2022 08:48 AM
කුඩු මත හිඳුනට පස්සේ ආපහු ඇවිල්ලා. ලොකු කලුකෝට්කාරයෙක් උපදෙස් දෙන්න ඇති
sharm warn Tuesday, 13 December 2022 09:34 AM
මාර දක්ෂයෙක්... 10 ක් හැප්පුවා... 13 වෙනකොට රට ගිහිල්ලා ආපහු එනවත් එක්ක. කොහොම සල්ලියක් ඇතිද? මෙහෙම නිකන් හිතූ හිතූ වෙලාවට රට පනින්න. අනිවාර්යයෙන් හොඳ කුට්ටියක් විසිකරලා බේරෙයි...