(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින කාන්තාවන්ට ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව රක්ශිත බන්ධනාගාර ගත කර සිටි ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරීවරයා වූ එදිරචාරිගේ කුෂාන් නමැත්තා සහ අශා දිසානායක යන අය ඇතුලු සැකකරුවන් හත්දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (13) නියෝග කළේය.
සියලුම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඇප කොන්දේසි ද නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd