(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 76 හැවිරිදි වියෙහි පසුවිය. නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා වූ ඔහු තරංග නෙල්සන් මහතාගේ පියානන්ද වේ
'සොමියට වරෙන් පුතා අගුල් දාලා නෑ දොරේ', 'කුක්කු කූ කූ කුකුළ අඬනවා', 'කිරිදුන්නේ දරුවන්ටයි', 'කරුණා සුවඳ තවරාලූ', 'කාවඩි බයිලා', 'සල්ලි මිටි ගණන්' ආදී ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ අද (13) පස්වරුවේ තැන්පත් කෙරෙන අතර, අවසන් කටයුතු පිළිබඳ දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ ගායකයෙක්. පඩිවරු ඔහුට මඩ ගහුවත් ඔහු රසිකයන් පිනවූ තරුවක්
කණගාටුදායකයි. ඔබට නිවන් සුව!
ජේසු පිහිටයි
ප්‍රබුද්ධ සහ පීචං ලෙස වර්ග තිබු කලා ලෝකයේ දොරගුලු බින්ද,කෙලින් කතා කල කොන්ද බිද නොමගත් විශිෂ්ට කලා කරුවානනි ඔබ නිවනින් සැනසේවා!!!
ප්‍රේක්ශකයන් වින්දනයට සහ ආස්වාදනයට පත්කල බයිල ගායන ශිල්පියෙක්. දශක ගනනාවක් ඔහු අපිව පිනෙව්ව. අවාසනාවක තරම අද මෙවන් ශිල්පීන් බිහි නොවීමයි. ඉතාමත් කනගාටුදායක සමුගැනීමක්. ඔබට සුබ ගමන්! ණිවන් සුවය ලැබේවා.
ලස්සනට පිපුන වනමල් ගල් පීරන දියවැල්. අමතක නොවෙන සුහද සාමකාමී නිහාල් මහතාට... සුබ ගමන්.!
කණගාටුදායකයි. ඔබට නිවන් සුව!
ගී ලොව රජෙක් , නිහතමානිත්වයේ ඉහලම මිනිසෙක්, දශක 6 ක් රසිකයන් හරබර ගිතවලින් සැනසූ , ලංකාවේ වැඩිම කැසට් පට ගණනාවකට ගී ගැයූ ලංකාවේ පළමුවෙනි සීඩී තැටිය එළිදක්වපු ගිත 6000 ට ආසන්න ප්‍රමාණයක් ගායනා කල , ආදර්ශමත් යහපත් ජිවිතයක් ගත කරපු රත්තරන් මිනිසෙක්, කලාකරුවෙක් , අනේ හරිම කණගාටුයි , මොනවා කරන්නද අපි කාටත් යන්න සිද්ද වෙන ගමන, ඔබ නොසිතු වෙලාවක අපව දාල ගිහින් ඔබතුමාට අමා මහා නිවන් සුව අත්වේවා
ඔරු පදින්න පහල ගගට එන්න යන්න මාලි....මම බොරු කරන්නෙ නෑනේ ඔබට සත්තයි මගෙ මාලි....සරු දිවියක රස බලන්න කාලෙ ලගයි මාලි.... පෙරූ රත්තරන් වාගෙයි අපේ ආදරෙ මාලි.......Nihal Nelson is an Excellent singer.....
එතුමාට තිබුණු ස්වරය කට හඬ විශිෂ්ට ගායන විලාශය වෙන කිසිදු පුද්ගලයෙකුට පිහිටන්නේ නැහැ. කාටවත් ඒ ආකාරයට ඒ මියුරු ගායන විලාසය අනුකරණය කරන්න බැහැ.
හිත හොද මහත්මා ගති ගුන තියන වැදගත් විදිහට ජීවිතෙ ගෙවපු, කලාතුරකින් දකින්ද ලැබෙන උසස් ගතිගුන වලින් පිරුන උසස් මහහත්මයේක්, ගායකයෙක්. ඔබට ණිවන් සුව ලැබේවා....
86 යක් නොයිඳ 76 යෙන් ගියේ පෙර පින් කල නිසා වෙන්න ඕනේ. ජිවිතේ තමන්ගේ වැඩ ටික නියමෙට කරා පිටවුනා. නියම පින්වන්ත ජිවිතයක්. ඔබ තුමාට නිවන් සැප ලැබේවා.
තරුණ මහලු කවුරුත් ඔහුට ආදරය කලා. ඔහුගෙ සින්දුව නිසා හරක් මස් කෑමෙන් වලකුනු ලක්ශ සංක්‍යවක් පිරිස් නිසා අහින්සක හරකුන්ගේ ජිවිත දහස් ගනන්ක් මෙ වනවිට බෙරෙන්න ඇති. ඒ පිනම ඔහුට හොදටම ඇති හොද ආත්මයක් ලබල අවසානයේ නිවන්සුව ලබන්න. ඔහුට නිවන්සුව අත්වෙවා !
අසහාය කලාකරුවාණනි,.........ඔබට නිවන් සුව...!
අසහය ගායකයානෙනි ඔබට නිවන්සුව
මෙතුමා ලංකාවට සිටි අසහාය ගායකයෙක් හරිම කණගාටුයි. ඔබතුමා තම මවුබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගවුරව කරන අතර නිවන්සුව ලැබේවා යැයි කියාද පතමි.
විශිෂ්ට ගණයේ කලාකරැවන් අපෙන් වෙන්වීම පාඩුවක් .හරි කණගාටුවක්..මෙයාලගේ ගීත කවදාවත් අමතක වන්නේ නැහැ.මේ වගේ අය බිහිවෙන්නෙත් නැහැ. එතුමාට නිවන් සැප ලැබේවා!.
"නිවනට වරෙන් පුතා අගුලු දාල නෑ දොරේ...දුකට සැපට මම එන්ටර් මගේ නෑ බොරු පොත...බ්ලේඩ් වලින් කැපෙන්නේ නෑ කෙනෙකුගේ හොඳ හිත..." නිවන් සුව අත්වේවා.
ජන විඥානය වියවුලට පත් නොකළ කලාකරුවෙක්; යහපත් දිවියක්; නිවන් සුව අත් වේවා!
අසහාය කලාකරුවාණනි ........ඔබට නිවන් සුව ........!
හොඳ ශිල්පියෙක්