(යොහාන් භාසුර)
ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිලධාරීන් මෙම ජාවාරම පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවත් මෙවැනි අවදානම් සහගත අයුරින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස සහ මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනතාවගේන ඉල්ලා සිටින බවත් එම කාර්යංශය කීය.
රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී එම කාර්යංශය මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ 0112864241 අංකය ඔස්සේ හෝ විමර්ශන අංශය අමතා තොරතුරු ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොරෙන් ජෝර්දාන් හරහා රට රැකියාවලට යවන ජාවාරමක්
pakeer Tuesday, 13 December 2022 08:46 AM
කොහොමහරි රට පලයල්ල..මෙ කුනු රටෙ දුක් විඳින්න්නෙ නැතුව.