(රුක්මන් රත්නායක)

වසර පහකට ආසන්න කාලයක් ලුණුගම්වෙහෙර රෝහලේ ප්‍රතිකාර ගත් මව බලන්න එන්නැයි පණිවුඩ පිට පණිවුඩ යැව්වත් නොපැමිණි තම එකම පුතු මව මියගොස් භූමිදානය කළ පසු රෝහලට පැමිණ තොරතුරු සොවීමේ පුවතක් ලුණුගම්වෙහෙර රෝහලෙන් වාර්තා වේ.

කොළඹ රාජගිරියේ පදිංචිව සිටි මෙම මව කලක් මැදපෙරදිග රැකියාවක නිතරව සිට ඇති අතර පසුව වීරවිල ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසට පැමිණ ඇත. එහිදි පාදයේ ඇතුවූ තුවාලයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇත.

වසර කීපයක් තිස්සේ රෝහලේ ප්‍රතිකාර ගත් මෙම මාතාව නේවාසිකව ප්‍රතිකාර ගනිද්දී  ඇගේ එකම දරුවාට ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නත් ඔහු පැමිණ නැත. 

පහර පහකට ආසන්න කාලයක් ප්‍රතිකාර ගනිමින් සිටි මෙම මාතාව හදිසියේ මියගොස් ඇති අතර  ඇයට ඥාතීන් කිසිවකුත් නොමැති නිසා වසර ගණනක් රැක බලාගත්  රෝහල් කාර්ය මණ්ඩලය අවසන් කටයුතු සිදු කර ඇත.

මව මියගිය පසු ඇගේ එකම පුතු රෝහලට පැමිණි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.