ජනපතිගෙන් ටිවිටර් පණිවිඩයක් ප්‍රචණ්ඩකාරී ක්‍රියා පක්ෂ පාට නොබලා දැඩිව හෙළා දකින බවත්,ප්රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත් ප්‍රචණ්ඩත්වයෙන් වැලකෙමින් සාමකාමීව සිටින ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙම අර්බුදය විසඳීමට එක්ව කටයුතු කරන ලෙසත් ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය. 09 May 2022
පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවිය යුතුයි රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 09 May 2022
සෞඛ්‍ය හැර සියලු අංශ වැඩ වැරුමකට සැරසෙයි සෞඛ්‍ය හැර රටේ සියලුම සේවාවන්හි අඛණ්ඩ වැඩ වර්ජනයක් අද (9) සවස 4.00 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි. 09 May 2022
මහනුවර ගෝඨාගමටත් ප්‍රහාරයක් ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන ගිය විරෝධාවට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. 09 May 2022
නැවත දැනුම්දෙනතුරු රටටම ඇදිරිනිතිය ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇදිරිනිතීය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 09 May 2022
පොදු පෙරමුණේ ආධාරකරුවන් රැගෙන ආ බස් රථවලට ප්‍රහාරයක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා අද කොළඹට ආධාරකරුවන් රැගෙන ආ බස් රථ කීපයකට කොළඹ ස්ථාන කීපයකදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
ගාලු මුවදොරට යුද හමුදාව කැඳවයි ගාලු මෝදර පිටිය අවට ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව කැඳවා ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි බස්නාහිර පළාතට නැවත දැනුම් දෙනතුරු පොලිසිය ඇදිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 09 May 2022
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 09 May 2022
කොළඹ තැන් කිහිපයකට ඇදිරීනීතිය කොළඹ උතුර, කොළඹ දකුණ සහ මැද කොළඹ යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ. 09 May 2022
සජිත්ට ප්‍රහාරයක් විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි. 09 May 2022
අරගල භූමියේ තුවාල ලැබූ 15ක් රෝහලට මයිනාගෝගම සහ ගෝඨා ගෝගම නිර්පාක්ෂික විරෝධතා භූමියට කඩා වැඳුණු විරෝධතාකරුවන් පිරිසක් එල්ල කර මැර ප්‍රහාරයට ලක් වු 15 දෙනකු තුවා ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වෙයි. 09 May 2022
යෝෂිත - බිරිය සිංගප්පූරුවට අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ . 09 May 2022
ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වෙමින් සිටිති. 09 May 2022
නිධන් හැරූ යුද හමුදා සෙබළා ඇතුළු 10ක් අත්අඩංගුවට උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10 ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 May 2022
අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අද ( 09) උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිස සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූහ. 09 May 2022
‘පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම්‘ පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 09 May 2022
අගමැති සහායට ආ පිරිස ගාලු මුවදොරට ගමන් කරයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. 09 May 2022
පිලිපීන ජනාධිපතිවරණය ඇරැඹේ පිලිපීන ජනාධිපතිවරණය අද (9) උදෑසන ආරම්භ විය. අද දිනයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ජනාධිපතිවරයා මෙන්ම උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සඳහාය. 09 May 2022
අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග කියයි. 09 May 2022
පොලිමේ හිටියට වැඩක් නෑ:ගෑස් තොග නෑ ලිට්රෝ ගෑස් සිලින්ඩර් දිනකට 4,000 ක් පමණක් නිකුත් කරන බවත් ලිට්රෝ සමාගම සතුව තොග නොමැති බවත් එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 May 2022
මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති. 09 May 2022
පයාගල ගැටුමකින් අයෙක් මරුට: හතරකට තුවාල පයාගල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසයි . 09 May 2022
ප්‍රදේශ රැසකට වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (9) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බොහෝ ප්‍රදේශවල අහස ද වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 May 2022
යුද අපරාධවලට පුටින් වගකියන්න ඕනෑ යුක්රේනයේ සිදුවන යුද අපරාධවලට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වගකිව යුතු යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කරයි. 09 May 2022
තරුණ නීතිඥ සංගමයෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමයට ලිපියක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන කවර යෝජනාවක් ක්‍රියාත්මක වුව ද එකී සියලු කාරණා ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට යටත්ව සිදුවිය යුතු බව තරුණ නීතීඥ සංගමය සඳහන් කරයි. 09 May 2022
ජනපතිට එරෙහි විශ්වාසභංගයේ වැරදි පෙන්නයි සමගි ජන බලවේගය පක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව ඒ ආකාරයටම බාරගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රතික්ෂේප කර ඇත. 09 May 2022
බලහත්කාරයෙන් ගෑස් ගනී ගෑස් ඉල්ලා ආමර්වීදියේ මාරග හරස් කළ පිරිසක් ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයකින් ගෑස් සිලින්ඩර් තොගයක් කොල්ල කා ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. 08 May 2022
කාලගුණයෙන් රතු නිවේදනයක් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් වර්ධනය වී ඇති අතර, එය ඉදිරියේදී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක දෙසට ගමන් කරමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026