(යොහාන් භාසුර)
බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (14) පැවසීය.
එම ගැසට් නිවේදනයත් සමඟ බාස්මති සහල් පමණක් ආනයනය කළ හැකි බවත් සෙසු සහල් වර්ග ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බවත් සෙනෙවිරත්න මහතා කීය.
සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම තහනම පනවා තිබේ.
නෞකාවල මෙරටට රැගෙන එමින් තිබෙන සහල් තොග සහ මෙම මස 9 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා විශේෂ බලපත්‍ර ඔස්සේ එම සහල් තොග පමණක් වරායෙන් නිදහස් කර ගත හැකි බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සහල් ආනයනය අත්හිටුවයි
චින්තක Wednesday, 14 December 2022 07:17 PM
ඇති යන්තම් මාසිකව රුපියල් විසිදාහක විශ්‍රාම වැටුපෙන් පවුලක් නඩත්තු කරන අපිට අවශ්‍ය හාල් ටික ගේන්න අවසර තියෙනවා කියලා දැක්කාම ඇතිවූ සතුට කියලා නිමකරන්න බැහැ සමෘධි ලාභිනුත් හරියට සතුටු වේවි...!