IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙම වසරේ සංචාරකයන් ලක්‍ෂ හයහමාරට ආසන්න වෙයි

(යොහාන් භාසුර)

මෙම වසර තුළ මෙරටට විදේශ සංචාරකයන් හයලක්‍ෂ පනසස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි ඇති බවත් මෙම මස පළමු දින 7 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන මණ්ඩලය පැවසීය.

මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට මෙම මස 7 වැනිදා දක්වා මාස 11 කට අධික කාලය තුළ විදෙස් සංචාරකයන් 644,186 ක් ද, මෙම මස පළමු දින 7 තුළ පමණක් සංචාරයන් 16,168 ක් පැමිණ ඇති බව ද, එම මණ්ඩලය සංඳහන් කළේය.

මාර්තු මස වාර්තා වූ සංචාරකයන් 106,500 මෙම වසරේ මාසයකදී පැමිණි ඉහළතම සංචාරකයන් සංඛ්‍යාව වන අතර මෙම වසර තුළ මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 108,510 කි.

බි්‍රතාන්‍ය ජාතිකයන් 78,827 ක් සහ රුසියානු ජාතිකයන් 74,713 ක්  මෙම වසරේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි වැඩි සංචාරකයන් ලෙස මෙරටට පැමිණ තිබේ. 



අදහස් (2)

මෙම වසරේ සංචාරකයන් ලක්‍ෂ හයහමාරට ආසන්න වෙයි

Perera Wednesday, 14 December 2022 02:17 PM

ඔය ලක්ෂ 6 හමාරට විදෙස් රටවල පුරවැසි බව අරන් විදෙස් ගමන් බලපත් අරන් එන ලාංකිකයිනුත් ඇතුළත්ද?

:       0       3

siri Wednesday, 14 December 2022 03:38 PM

අපට ලක්ෂ හය හමාර ලොකු උනාට මොනම සම්පතක්වත් නැති මුහුද විතරක් තියෙන කුඩාම කුඩා මාලදිවයිනට මේ අවුරුද්දේ විදේශ සංචාරකයින් මිලියන එක හමාරක් පැමිණි බවයි වාර්ථාවෙලා තියෙන්නේ. එහෙ එන්නේ අත මිට සරු හොඳට සල්ලි බාගේ විය හියදම් කරන්න ලෝබ නැති "තරු හතේ" සංචාරකයින් වීමත් ඔවුන්ට අවශ්‍ය ඉහලම සැප පහසුකම් සපයාදීමට මාලදිවයින සමත්වී තිබීමත් තවත් විශේෂත්වයක්. මහපාරේ හිටගෙන "චුන් පාන්" කන්න බලාගෙන එන දෙකයි පනහේ සංචාරකයෝ එහෙ යන්නේ නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site