(අංජුල මහික වීරරත්න සහ මුදිතා දයානන්ද)
ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානීස්සර නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.
දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා අත්සන් තැබීය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක්
දිමුත් Wednesday, 14 December 2022 03:26 PM
ඕකෙ තව මොනාද සංවර්ධනය කරන්න තියෙන්නේ? සමහරුන්ට ආයිත් කලඑලි බහින්න අවස්ථාවක් හදලා දුන්නා වගෙයි පේන්නේ!
ABWednesday, 14 December 2022 06:08 PM
ගංගාරාම පොඩි හාමුදුරුවන් සාසනයට පමණක් නොව ශ්‍රී ජිනරතන කාර්මික හා වෘත්තීය පුහුණු ආයතනය ආරම්භ කිරීම මගින් තරුණ ප්‍රජාව වෙනුවෙන් කරන්නා වූ සේවය අගය කළයුතු වෙමු...
janahithaThursday, 15 December 2022 12:22 PM
කලඑළි බහින්න බැරි විදිහට ඔහු වැඩකර නැහැ. අවසාන මොහොතෙදීත් ජනතාවට වෙඩි තැබීමට නියෝග නොදුන් කෙනෙක්.. ඕකයි තත්වේ...
achini Wednesday, 14 December 2022 03:46 PM
රට විනාශකරපු හොරු ඔක්කොම ඇවිත්
18-පිං මල්ල Thursday, 15 December 2022 01:09 AM
achini ... ඔයත් ඒකේ කොටස් කාරයෙක්නෙ... ඔයත් වයස 18 ඉඳලා පිනට ලැබුන අම්මා තාත්තා දෙනදේ කාලා ඉදිරියටත් ඒ විදියට ලැබෙනකම්ම බලං ඉන්න කෙනෙක්නෙ..!!
අතුල සෞදි Wednesday, 14 December 2022 05:26 PM
ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි සුබ උපන්දිනයක් වේවා...! 80 දශකයේ සිට ශාසනයට ඉමහත් සේවයක් කළ ඔබවහන්සේව පාද නමස්කාර කර ගෞරවයෙන් සිහිපත් කරමු.
නිමේෂ් Wednesday, 14 December 2022 07:10 PM
දායක සභාව දැක්කහම හිතාගන්න පුළුවන්
විපරමා Wednesday, 14 December 2022 05:57 PM
පින් ජනපතියාගේ පිහිටෙන් රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ සෙට් එකත් ඇවිත් ඉන්නේ ,
සෙනෙවිරත්න Wednesday, 14 December 2022 07:28 PM
මෙවන් දේ දුටුවාම අප්පිරියාවේ ඉන්න බැරි මට විතරයිද?
SenakaThursday, 15 December 2022 06:56 AM
ජෙප්පොන්ට කොහොමත් වෙන කාටහරි යමක් හම්බෙනකොට පොඩ්ඩක් අමාරුයි. ඒක ජෙපි ගතියක්ම තමයි. ඕක ලෙඩක්. කුහකකම කියලයි ගමේ නම් කියන්නේ.
විජේ Thursday, 15 December 2022 08:23 AM
365දවසම අපි දේශපාලුවන්ට බනිනවා උන් උන්ගේ වාසි වෙනුවෙන් කුලල්කාගන්නවා කියලා. ඒත් මොනවාහරි දේකදි උන් එකතුවෙලා ඉන්නවා දැක්කමත් අපිට අවුල්. ලමයින්ට රෙදි දුන්නම, කපලා, මහලා, ඇදගෙන යන එකේ ප්‍රතිඵලද මන්දා මේ. රෙද්ද පෙන්නන්න විතරයි ඕනෙ.
විජිත් Thursday, 15 December 2022 11:29 AM
හවුල් චවුර පවුලේ සැබෑම හමුවීමක් එකම තැනක. සුනාමියා නොහොත් ගම් කබරයා , මිග් කාරයා නොහොත් 88-89 මාතලේ වීරයා සහ මහා බැංකු හොරා නොහොත් ෆොක්ස්වැගන් සමග ..............................කට්ටියටම අපායේ විසා රෙඩි. නමුත් ඊට කලින් ශ්‍රී ලංකාවේ සිපිරි ගෙදර කුරු ගනින්න අවස්තාවක් ළඟදීම උදාවේ.
geeth Thursday, 15 December 2022 11:51 AM
පොඩි හාමුදුරුවෝ ළමයින්ට වෘත්තීය පුහුණුව වගේ දේවල් දෙන්න ගොඩක් මහන්සි වුණා. කර්මාන්ත වලටත් යම් අනුග්‍රහයන් දැක්වූවා. හැබැයි තව දෙයක්..,. පොඩි හාමුදුරුවන්ට රටේ ගොඩක් තැන්වල ඉඩකඩම් තියෙනවා. මුදලින් වුණත් ඔය පන්සලට කිසිම අහේනියක් නෑ. ඒ නිසා මේ පන්සල සංවර්ධනයට රජයේ සල්ලි දෙනවාට වඩා, ඊට වඩා අගහිඟකම් තියෙන පන්සල්වලට දෙනඑක තමයි වඩාත් යෝග්‍ය වන්නේ...
donMonday, 19 December 2022 12:46 AM
මේ පන්සලට උදව් කරන්නේ ජපන්නු. ලංකාවේ ආණ්ඩුවේ සල්ලි බොරුවට වියදම් කරන්න ඕන නැහැ.
ලුම්බිණි Thursday, 15 December 2022 01:49 PM
මේ පන්සල මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කිසියම් සේවයක් කරපු තැනක්. ඒත් ඇත්තටම ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කළයුතුද? පින්තූරයේ විදියට හාමුදුරුවෝ වුණත් ඒකට කැමැති බවක් පෙනෙන්න නැහැ....
janis appuhami Thursday, 15 December 2022 02:02 PM
පොඩි සාදුගේ මුණේ දුකින් ඉන්නේ අනේ මේ කාලකන්නි රට කෑවා කියල .
පිටිගල මිලානෝ Sunday, 18 December 2022 11:39 AM
දේශපාලනය සහ ආගම එක්වූ තැන හැදෙන්නේ මාෆියාවකි.
Nelum Pushpasiri Sunday, 18 December 2022 11:41 AM
ගංගාරාම විහාරස්ථානය කියන්නේ තරැණ ප්‍රජාවට පමණක් නොව ආබාධිත පුද්ගලයන් හටත් විශාල සේවයක් සලසපු ආයතනයක්. මම ආබාධිත පුද්ගලයෙක් වශයෙන් පරිගනක පුහුණු පාඨමාලාවක් හදාරා එම ආයතනයේම වසර 3 ක් සේවය කළෙමි. ඉන්පසුව ජර්මන් ජාතික මහතෙකු ගේ මග පෙන්වීම මත ආබාධිත පුද්ගලයන් සඳහා වූ පුණරැත්ථාපන ආයතනයක පරිගනක උපදේශක වරයෙක් හා ආයතන කලමනාකරැවෙකු වශයෙන් පුරා වසර 20 කට අධික කාලයක් සේවය කළ බව ඉතාමත් කෘතවෙිදීව සඳහන් කරමි. පොඩි හාමුදුරුවෝ නොවන්න ඒ කාර්ය හුදු සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුණි. උන වහන්සේට නිදුක් නිරෝ්ගි දීර්ඝායුු සුව ලැබේවා .