මහජන දේපල කොල්ලකන්නන්ට වෙඩි තැබීමට හමුදාවට බලය දෙයි පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ. 10 May 2022
ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළයි ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත. 10 May 2022
මහිපාලගේ ගොවිපොළෙන් යූරියා මිටි 400 මතු වෙයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපොළේ ගබඩාවකවක යූරියා පෝර මිටි 400 ආසන්න පමණ ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන් බාරයට ගෙන ඇත. 10 May 2022
සන්සුන් වන්නැයි ජනපති ඉල්ලයි දේශපාලන බැදීම් නොසලකා හරිමින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පලිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලික් කර ඇත. 10 May 2022
ගම්මු මන්ත්‍රි එල්ලාවලගේ ගේ ආරක්ෂා කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාගේ බණ්ඩාරගම නිව්ඩාව නිවසට කලහාකාරීන් පිරිසක් පහරදීමට ආ අවස්ථාවේ ගම්වාසීන් පිරිසක් එක්ව ආරක්ෂා කිරීමට කටයුතු කළ බව අලුබෝමුල්ල පොලිසිය කියයි. 10 May 2022
මහින්ද පලා යන්නෑ: නාමල් කියයි මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. 10 May 2022
‘ප්රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා ‘ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ උග්රවන වන ප්රචණ්ඩත්වය දැඩිව හෙළා දකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මිෂෙල් බැචෙලේ මහත්මිය පවසයි. 10 May 2022
‘රට ප්‍රචණ්ඩත්වයට කැඳවූයේ රාජපක්ෂ ආණ්ඩුවයි‘ ගෝඨා ගෝ ගම සාමකාමී වීරෝධතාකරුවන්ට පහරදුන් ආණ්ඩුවේ මැරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 10 May 2022
ඇති වූ නොසන්සුතාවයෙන් 8ක් මිය ගිහින් දිවයින පුරා ඊයේ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් වෙඩි වැදීමෙන් හා පහර දීම් වලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 10 May 2022
නව ව්‍යවස්ථා සංශෝධන නීතිපතිට විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව සමගි ජන බලවේගය පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම කතානායකවරයාට බාර දුන් පනත් කෙටුම්පත් දෙක කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත. 10 May 2022
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දෙයි නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතාට මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 10 May 2022
‘ගාලුමුවදොර කළහකාරී තත්ත්වය ගැන පරීක්ෂණයක් ඉල්ලයි‘ ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට මෙන්ම කොළඹ ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල සිදුවූ පහරදීම් සහ කලහකාරී සිදුවීම් සමබන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට නිතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද (10) දැනුම් දෙනු ලැබ ඇත. 10 May 2022
බැසිල්ගේ මල්වානේ නිවෙසට පහරදෙති ගාලු මුවදොර සාමකාමී ජන අරගලයට පහර දීමට විරෝධය පළ කරමින් පිරිසක් විසින් ඊයේ ( 10 වැනිදා ) පස්වරුවේ මල්වානේ පිහිටි හිටපු මුදල් ඇමැතිවරයෙකු වන බසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන සුවිසල් නිවෙසට පහරදී අලාභ හානි සිදු කෙරිණි. 10 May 2022
ආගමන හා විගමන නිලධාරීන් සේවයෙන් ඉවත්වීමට සැරසෙයි ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායම් රටින් බැහැර යෑම පිළිබඳව තියුණු සංවාදයක් පැනනැගී ඇති තත්වය තුළ ආගමන හා විගමන නිලධාරීන්ගේ රාජකාරිවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් රටේ පවතින අරාජික සහ නොසන්සුන්කාරී තත්වයට කඩිනම් විසඳුමක් නොදුන හොත් වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බවත් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 May 2022
හිටපු අගමැති අතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසක් අපරාධ නිතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් අද (10) පොලිස් මූලස්ථානයට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත. 10 May 2022
බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන් වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ ඊයේ (9) විරෝධකරුවන්ට කොටුවීමෙන් පසු රැදවියන් 58 ක් අතුරුදහන් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 May 2022
නැගෙනහිර නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට විරෝධයක් ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. 10 May 2022
ගාලුමුවදොර අරගලයේ පිරිසට පහර දීමේ පරීක්ෂණ සී.අයි.ඩියට ගාලුමුවදොර උද්ඝෝෂයේ සාමකාමී විරෝධතාවේ නිරත පිරිසට පහරදීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර පදී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 10 May 2022
ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය. 10 May 2022
පොලිස්පතිට-හමුදාපතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසමේ සභාපතිනිය දැනුම්දී තිබේ. 10 May 2022
ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය. 10 May 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය. 10 May 2022
අ‘පුර ඥාන අක්කාගේ නිවසත් ගිනිබත් අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හෝටලයට අද (10) අලුයම් කාලයේදී කඩා වැදුණු අරගලකරුවන් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි පොලීසිය කියයි. 10 May 2022
ප්‍රචණ්ඩකාරී තත්ත්වය ගැන ලෝක බැංකුවේ කනස්සල්ල විරෝධතාකරුවන් රජයට පක්ෂපාතී ආධාරකරුවන්ගේ පහරදීමට ලක්වීමත් සමඟ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව ඊයේ දැඩි කනස්සල්ල පළ කළේය 10 May 2022
පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ඉල්ලයි පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත 10 May 2022
යුද හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක් ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහයෝගය දක්වමින් රටේ සාමය පවත්වාගෙන යෑමට උදව් වන්නැයි යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 10 May 2022
කදුළු ගෑස් අවියක් පිපිරී එස්.අයි.මරුට අරලිය ගහ මන්දිරය අසල දී ඊයේ රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්වය අතරතුර කඳුළු කඳුළුගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 10 May 2022
ඉමදූව ප්‍රා.සභාපති මරුට ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර (පො.පෙ)මහතාගේ නිවසට ඊයේ (9) රාත්‍රි විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසුව අසනීප තත්ත්වයේ පසුවූ සභාපතිවරයා කරාපිටිය රෝහලට ගෙන එමින් සිටියදි මියගොස් ඇත. 10 May 2022
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 May 2022
අගමැති ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 10 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026