(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)
මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ඉකුත් මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධියෙන් පසු ස්ථාන මාරු කරනු ලැබ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරුන් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා තෙක් පත් නොකරන බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම් අග විනිසුරු ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
පොලිස් මූලස්ථාන පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහරදීමේ සිද්ධියෙන් පසුව එම පහරදීම වැළැක්වීමට පියවර නොගත්තා යැයි චෝදනා කරමින් වෙනත් ස්ථානවලට මාරු කරනු ලදැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.
මෙසේ තමන්ට පමණක් මාරු වීම් ලබා දීම අසාධාරණ බවත් ඊට අදාළ ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බවත් පෙත්සම්කරුවෝ පවසති.
මෙම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘මාරු කළ ඕ.අයි.සීලා වෙනුවට අලුත් අය දැන්ම නෑ‘‘