(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා කටයුතු පිළිවෙලින් සියයට 8.7ක්, සියයට 21.2ක් සහ සියයට 2.6 කින් පහත වැටී ඇතැයි එම දත්ත වාර්තාවේ දැක්වේ.
ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් බව එම වාර්තාව පෙන්වා දෙයි.
එසේම ස්ථාවර මිල (2015) ගණන් යටතේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,884,218 ක් බව එම වාර්තාවේ සඳහන් වේ.
තෙවන කාර්තුව ජුලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා අයිතිවන අතර පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක එහිදී ඇස්තමේන්තු කර ඇත.
2021 වසරේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,629,510 ක් ලෙස වාර්තා වූ අතර එය 2022 වසරේ තෙවන කාර්තුවේදී රුපියල් මිලියන 2,884,218 ක් දක්වා පහත වැටී තිබේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා
sharm warn Friday, 16 December 2022 11:18 AM
දළ දේශීය නිෂ්පාදනය පහළ බහින්නේ විදුලි කප්පාද්ව, අමුද්‍රව්‍ය ආනයනය නැවැත්වීම යන හේතු නිසා... අර මනුස්සයා බොරු කියලා 68 ලක්ෂයක් ගොනාට ඇන්දෙව්වට... මොලේ තියන අයට නම් තේරෙනවා ඇති මේ අය කරන්නේ මොනවද කියලා...