(සුමිත් පොතුපිටිය සහ ජවුෆර් ඛාන්)
කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී .
මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැදවා තිබුණි,
පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
දිවයින පුරා බොහෝ පාසල් අසල අද දිනයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

මඩකළපුව ජවුෆර් ඛාන්

කළුතර සුමිත් පෙතුපිටිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරනවා වගේම..., ළමයින්ගේ මානසිකත්වය පැත්තෙනුත් හිතන්න... දරුවන්ට අපරාධකාරයින් විදියට හැඟීමක් යවන්න එපා...
මේ වගේ බොලද වැඩ කරන්න විතරය් පොලිසිය දන්නේ දරුවන් පරික්ෂ කරන්න කලින් ඕව ගෙන්නන උන්ගේ ගෙවල් පරික්ශා කරන්න ලමයි අපහසුතාවට පත්නොකර , මුන් කරන්නේ ගෙන උන්ව ආරක්ෂා කරලා අදාල නැති උන්ව අමාරුවේ දාන එක තමයි
පය බරවාට, පිට කරේ බෙහෙත් බැදීම.
දරු පැටව් බය වීම සහ දරුවන්ට නිගරු වීම වැළකිය යුතුයි. අහිංසක දරු පැටව් පරීක්ෂා කිරීම පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වගේ. අල්ලන්න ඕන මත්ද්‍රව්‍ය විකුණන මිනිසුන්. ගෝනි ගණන් අල්ලන මත්ද්‍රව්‍ය නැවත සමාජයට එනඑක වැළැක්විය යුතුයි. කොහොම හරි දරුවන් ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ රටේ අනාගතයයි...
ඇයි මෙතනට පොලිස් සුනඛයින් යොදවන්නේ නැත්තේ? අයිස් හම්බවෙයි කියන බයටද?
මත්ද්‍රව්‍ය ගේන අය පාර්ලිමේන්තු යවලා දැන් ළමයි ඒවා බොන තත්වයටම ඇවිල්ලා. දෙමව්පියන්ගේ මෝඩකම් පේනවා නේද? දැන්වත් මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න. කිසිම ආණ්ඩුවකින් මහා අපරාධකාරයින්ට දඬුවම් දෙයි කියලා හිතන්න බෑ..
ලෙහෙසියෙන් ම ගහේ මුල පාදා ගන්නේ නැතුව.... අතු උඩ නැගලා කොළ අතගානවා. ලෙඩ හැදිලාද බලන්න...! ලෝකේ හිනස්සනවා. ආරක්ෂාවට අයවැයෙන් මුදල් යොදවන්නේ මේවාට කියලා කියන්න පුළුවන්නේ...
ෂා, අන්න වැඩ! ගිය සැරේ පාස්කු බෝම්බ මාලාව පිපිරුණාට පස්සෙත් පාසල් දරුවන්ගේ බෑග් තමයි පරීක්ෂා කළේ. විනිවිද පේන බෑග් පවා ගන්න වුණා. අමුතු ඇටේ පහත් තැනින් යයි ගලා ජලේ...!
තෝරු මෝරු ඉද්දී හාල් මැස්සන්ට දැල්දානවා. රට්ටු හිනස්සන වැඩ මේවා... විස ගහේ මුදුන් මුල නොකපා. අතු රිකිලි කපලා වැඩක් නැහැ. මුලින්ම ඕවා ලංකාවට එනඑක වළක්වන්න වැඩ පිළිවෙලක් හදාගන්න. ඊට පස්සේ ඔය කුඩු මුදලාලිලාට උදව් කරන මහජන නියෝජිතයින්ටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. නාකොටික් අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි. පොලිසියේ ලොකුඅය කුඩු මුදලාලිත් එක්ක සම්බන්ධයි.. දේශපාලකයින්, කුඩු මුදලාලිලාත් එකක් ලඟින්ම සම්බන්ධයි. රේගුවේ ඉන්න අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි... ජේලර්ලා කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි... ගුවන්තොටුපලේ අය කුඩු මුදලාලිලාත් එක්ක සම්බන්ධයි. ඔන්න ඔය ටික පුළුවන් නම් හරියට හදා ගනිල්ලා. ජීවිතේට බැහැ. ඒකනිසා බොරුවට මිනිස්සු අන්දන්න හදන්න එපා...
මෙතන මේ මොන්ටිසෝරි හා බාලාංශ පන්ති වල ළදරුවන් බය කරන්නේ නැතිව, පුලුවන්නම්, අර O/L සහ A/L ටියුෂන් කඩ කාරයින්ගේ පන්ති පරීක්ෂා කරපල්ලා මෝඩ මිනිසුනේ.. මොලේ කලඳක් නැතිව කොහොමද නීතියක් ක්‍රියාත්මක කරන්නේ. මේවා, ළමුන්ව හඬවා ලෝකයා හිනස්සන වැඩනේ ....
දරුවන්ට මත් ද්‍රරව්‍ය බෙදන ජතියෙ ගහලයන් සොයා මරන දඩුවම ක්‍රියත්මක කලයුතුයි
රජපක්ශලට ලංකාවෙ පොඩි හරි බලයක් තියනකන් ලන්කවෙ මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ.
මේ පරීක්ෂා කිරීම හොඳ දෙයක්... මෙවැනි පරීක්ෂා කිරීම් මුලින් නොදන්වා කළ යුතුයි.
මුලින්ම පරීක්ෂා කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩින්ගේ වාහන බව මතක තියාගන්න... එතකොට ළමයින්ගේ බෑග් නිකන්ම හිස්වේවි..!
මේ නොසරුප් තීන්දුව ගත්තු අයගේ මස්තිෂ්කය අනිවාර්යයෙන්ම පහළට බැහැලා උණ්ඩුක පුච්ඡය ස්පර්ශ කරනවා ඇති...
අල්ලයි මේන් කියලා අයිස්...ගොබ්බ හැත්ත