(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්.හරි කුමාර් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (12) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් යූ. එන්. පී. පෙරේරා මහතා විසින්අද්මිරාල් ආර්.හරි කුමාර් මහතාව එම අවස්ථවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබ ඇත.

අද්මිරාල් ආර්.හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා මුණගැසී ඇති අතර එහිදී දෙරටේ නාවික හමුදා අතර ද්වී පාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක්ද පැවැත්වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.