(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
-ඒ අනුව මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.
ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බව බවද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන පිරිස් වලට මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
එක් ගමන්වාරයක් සඳහා ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් 60 ක් පමණ එක් මගියකුගෙන් අයකිරීමට නියමිත බවත් කිලෝ ග්රෑකම් 100 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බවත් යාත්‍රා හිමියන් එහිදී අවධාරණය කලේය.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 December 2022 01:49 PM
දෙරට අතර හොඳ වෙළෙඳ දියුණුවක් ඇතිවෙවි.දැනටමත් ඉන්දියාවේ සිට හොරපාරෙන් බොහෝ ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගෙනෙනා වැඩ පිළිවෙළ මේ නිසා නතරව යාවි. එහෙත්,කේරළ ගංජා හා මත් ද්‍රව්‍ය ගෙන ඒම නතර කිරීම සඳහා වැට කඩුලු ශක්තිමත් කිරීම වැදගත්.
gunda Tuesday, 13 December 2022 06:07 PM
පනින රිලවුන්ට ඉනිමං බඳින ගොන් හරක් රැලක් සිටින රටක් මේක.