(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේම ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3313.9 ක මුදලක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී ඇත.
එපමණක් නොව විරැකියා අනුපාතය 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක් බවත් එය දෙවැනි කාර්තුවේ සියයට 4.6 ක් දක්වා වැඩි වී ඇති බවත් මහ බැංකුව සඳහන් කර ඇත.
COMMENTS
රට විරුවෝ වැඩ පෙන්නති... රට කන්නෝ ඒ ඩොලර් වලින් රටසවාරි යති. ඔන්න මේ අහිංසකයෝ හොයන මුදලට වෙනදේ...
ඕක හොරා කෑම එළිවෙන්න කලින් එවපු ගානෙන් තුනෙන් එකයි. ඔය ටිකටත් දේශපාලන ප්‍රභූ වරු වැඩ පෙන්වයි. ඩොලර් බිලියන 15 කට විතර වැඩ පෙන්නලා තියෙනවා ඒ ගොල්ලෝ. ඩොලර් රේට් 361 දුන්නට උද්ධමනය නිසා ඔකේ සැබෑ වටිනා කම රු. 110 වත් නෑ. මුළු මහා බැංකුවම අරින්න ඕනේ ඉන්දුනීසියාව, වියට්නාමේ තායිලන්තේ වගේ රට වලට ට්‍රේනින් එකකට. සිම්බාබ්වේ උනත් වරදක් නෑ. එහෙත් දැන් අලුත් දේවල් කරනවා. අපේ මහා බැංකුව අම්මලගේ වහල් වැඩ කරලා එවන සල්ලි ගණන් කර කර ඉන්නවා.
මම දැනට ඕමාන් රටේ වසර 4 ක් සේවයට ඇවිත්. ඒත් රට විරුවන් ඩොලර් එව්වාට කිසිම සහනයක් රටවිරුවාට නැහැ. අඩුම අපේ පාස්පෝට් එකේ තියෙන ඩොලර් 1750ට සරිලන භාණ්ඩ මිලදී ගන්න නම් ඒ වගේ දෙගුණයක් අපි අතින් ගෙවන්න ඕනෑ. ජනාධිපතිතුමනි, පුළුවන් නම් මේ සහනය ලබා දෙන්න. රටවිරුවාට එම ඩොලර් 1750ට සරිලන භාණ්ඩ ලබා ගැනීමට කිසිඳු මුදලක් අතින් අය නොකරන්න. ඩොලර් ලංකාවට එව්වාට ඩොලර්වලට යටවෙන අපේ ජීවිතේ නුඹලා නොදකිනවා. මේ ගැන හිත යොමුකරන්න. විඳින, වේදනා, දුක් ගැහැට නුඹලා නොදකිනවා.
රට විරුවන් දහසක්, කම්කටොළු මැද රටට විදේශ මුදල් එවනවා. මේ රටේ දේශපාලකයින් රට වනසනවා.
කරුණාකරල ඔය සල්ලි වලින් කොටසක් වෙන් කරල හිරු සහ සුලන් විදුලි ජණක විදුලි බල මණ්ඩලයට අරන් දෙන්න. එතකොටවත් මොල පෑදෙන්න පටන් ගනිත්වා කියල පථනව කොහොමද අඩු වියදමකින් විදූලිය සපයන්නෙ කියල
දැන් රට විරුවෝ, කොරෝනා කාලේ කොරෝනා බෝම්බ, කොරෝනා කාලේ මැදපෙරදිග අතරමංවෙලා සිය ගණනක් මැරුණා...