(රංජන් කස්තුරි)

රජයේ රෝහල්වල සේවය කරන හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් හත් දෙනකු මෙම මස 31 වැනි දින සිට විශ්‍රාම යෑමට නියමිත අතර රටේම සේවය සඳහා ඉතිරිවන්නේ වෛද්‍යවරුන් 10 දෙනකු පමණකැයි විශේෂඥ වෛද්‍ය සංගමය සඳහන් කරයි.

රජයේ රෝහල්වල සේවය සඳහා හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනකු අවශ්‍ය වුවත් මේ වනවිට  සිටින්නේ 18 දෙනකු පමණක් බව ද ඉන් එක් වෛද්‍යවරයකු විදේශගතවීමට නියමිත බව ද එම සංගමය සඳහන් කරයි.

කොළඹ, මහනුවර,ගාල්ල, යාපනය සහ රිජ්වේ ළමා රෝහල යන ස්ථාවලට ඉදිරියේදී  හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමහය කියයි. හෘද රෝග සැත්කම් සඳහා පෙරොත්තු ලේඛනවල වසර දෙකක් තිස්සේ රෝගීන් සිටින බව ද එම සංගමය සඳහන් කරයි.