(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

බදු අය කිරීමේ ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක නොවන්නේනම් කොපමණ බදු පැනවූවත් අලුතින් බදු හඳුන්වා දුන්නත් කිසිදු පලක් නොමැති බවද  හෙතෙම සඳහන් කළේය.

මේ රට දියුණු කිරීමට නම් ආයතන වල අකාර්යක්ෂමතාව, දූෂණ වංචා සහ අක්‍රමිකතා  වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව පැවසූ වලේබොඩ මන්ත්‍රීවරයා ඇතැම් වරලත් ගණකාධිකාරි ආයතන රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි කිරීම සඳහා ව්‍යාපාරිකයන් සෘජුවම පොළඹවමින් සිටින බවද චෝදනා කළේය.