(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඩුබායි රටේ සැඟව සිටින චමියා  ගේ  ගෝලයන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ කඩු දෙකක් , මන්න පිහි හතරක් මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් අපරාධ සඳහා භාවිතා කළ බවට සැකකරන තී රෝද රථයක් හා යතුරුපැදියක් , මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් මස 16 වැනි දින සහ ඊයේ දින උදෑසන නවගමුව පොලිස් වසමේ සමගි මාවත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල කල්ලි සාමාජිකයන් සඳහා ඩුබායි රටේ සැඟව සිටින චමියා නමැත්තා මුදල් ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකරුවන් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.