(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේදීත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේත්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
COMMENTS