(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොටස් සෞඛ්‍ය කාර්ය සාහායකයකු විසින් ගලවාගෙන ගොස් තිබේ.

රාත්‍රී සේවාමුරයේදී සූක්ෂම ලෙස මේවා ගලවා සොරකම් කරගෙන ගොස් අලෙවි කර  ඇතැයි අලූත්ගම පොලිසිය  කියයි.

අලුත්ගම රෝහලේ උසස් නිලධාරියකු අලූත්ගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් බව කියයි.

මෙම  ගොඩනැගිල්ලේ රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු තවමත් ආරම්භ වී නොමැති බවත් ගොඩනැඟිල්ලේ වහලය මත සවි කර තිබෙන අකුණු සන්නායක අටක ඉහළ සිට පොළොවට සම්බන්ධ වන වටිනා තඹ ලෝහ තහඩු සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා ආරක්ෂක නිලධාරීන්ට ද නොපෙනෙනසේ ඉතා සූක්ෂමව  ගලවා තිබෙන බව සැකකරු අත්අඩංගුවට ගත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.