
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇනහිට ඇති ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් සාකච්ඡා නැවත වරක් මෙම මස අගදී ඉන්දියාව සමඟ නැවත වරක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින් 2016 සිට 2019 දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බව වීරසිංහ මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.කෙසේ නමුත් එවකට පැවති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයට ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට නොහැකි වූ බව ද හින්දු පුවත්පත පෙන්වා දී ඇත.
එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයකට ආසන්න වෙමින් පවතින බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවත් ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාව කඩා වැටී ආර්ථිකය යලි ගොඩනැගීම සඳහා වෙළඳ ගිවිසුම් සහ සෘජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බවත් ඒ හේතුවෙන් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අදහස් කර ඇති බවත් ද හින්දු පුවත් පත පෙන්වා දී ඇත.
COMMENTS
ඔය ඒට්කා ගිවිසුම හින්ද තමයි රනිල් ව මිනිස්සු 2020 දී ගෙදර යැවුවේ , දැන් එයා හොර පාරෙන් පාර්ලිමේන්තු වට ඇවිත් රට බංකොලොත් කරපු පොහොට්ටුවොන්ගේ පිහිටෙන් රටේ ලොක්ක වෙලා , ඒ ගිවිසුම නැවත අත්සන් කරනන්න හදනව , මේක රටේ ඡන්දයකින් බලාපොරොත්තු වෙන මහජන මතය විකෘති වීමක් නොවෙයි ද ?