(යොහාන් භාසුර)
එළඹෙන සති අන්තය ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පැවසීය.
ඒ අනුව හෙට (10) සිට 12 වැනිදා දක්වා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS