බන්ධනාගාරයේදී ප්‍රියමාලිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර
මහා පරිමාණ මුදල් වංචාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ මස 30 වැනිදා දක්වා අවසර දුන් බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.