(රංජන් කස්තුරි)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට අප්‍රසන්න ආකාරයේ වචන භාවිතකරමින් පරිභව කරන අතර ඔහු කෙරෙහි නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ මහතා පැවැසීය.

රජයේ වෛද්‍ය නිලදාරීන්ගෙ සංගමය නැගෙනහිර පළත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනටමත් විරෝදය අප්‍රසාදය පළකළ බව ද ඔහු කීය.