( රොමේෂ් මධුෂංක )
යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන විශේෂ ආගමික උත්සව අවස්ථා ඇතුලු සියලු උත්සව අවස්ථාවන් සඳහා පිටස්තර ප්‍රදේශයන්හි සිට අලි ඇතුල් රැගෙන ඒමේදී විශේෂ අවසරයක් තිබිය යුතු බවට යාපනය දිසාපති ඒ. සිවාපල සුන්දරම් මහතා විසින් දැනුම් දී තිබේ.
මෙතෙක් වගකිව යුතු නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව අලිඇතුන් රැගෙන ඒමේදී සතුන්ටද හිරිහැරවීම් වාර්තා වී ඇති අතරම මහජනතාවටද හානිවීමේ දැඩි අවදානමක් පවතින බවට දිසාපතිවරයා විසින් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අලිඇතුන් යාපනයට රැගෙන ඒනනේනම් පළමුව උතුරු පලාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට දැනුම් දී අවසරය ගැනීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පත්කොට ඇති කමිටුවටද අදාල අවසරය යොමු කොට එම කමිටුවේද අවසරය ලබාගත යුතු බවටද දැනුම් දී ඇත.
විශේෂයෙන් යාපනයේ පැවත්වෙන කෝවිල් උත්සයන්ට මීට පෙර අලිඇතුන් රැගෙන ඒමක් සිදු නොවුනද පසුගිය ගෙවී ගිය කාලය තුලදී විවිධ කෝවිල් උත්සවයන් සඳහා අලිඇතුන් රැගෙන ඒම සිදුවූ අතරම එසේ අලි ඇතුන් රැගෙන ඒම දකුණු ප්‍රදේශයේ සිට සිදුවූ අතර අලි ඇතුන් රැගෙන එන පාර්ශවයන් විසින් කිසිදු ආරක්ෂක පියවරක් නොගෙන ඇති බවටද යාපනය දිසාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිලයට යන්නත් අවසර ඕනද ?
මට තේරෙන්නෙ නැහැ යාපනේට ඉන්නෙ දිසාපති කෙනෙක් ,අනෙක් පළාත් වලට තේරුමක් නැති දිස්ත්‍රික් ලේකම් කෙනෙක් . කොහොම වුනත් අවුරුදු 31 දිස්ත්‍රික් ලේකම්ලා උන්නත් ජනතාව තවමත් කියන්නෙ දිසාපති කාර්යාලය නැත්නම් කච්චේරිය කියලා වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒජීඒ ඔෆිස් කියලා තමයි ඇත්තටම මොනවාද මේ කියලා හිතාගන්න බැහැ .තවත් මෙහෙම දේවල් තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තු කාරයාලයට මැතිවරණ දෙපාර්තමේන්තුව නොකියා මැතිවරණ මහලේකම් කාර්යාලය කියනවා ඒකෙත් මැතිවරණ ලේකම් කෙනෙක් හිටියනම් හරි කියමුකෝ ඒත් ඉන්නෙ කොමසාරිස් කෙනෙක් .එහෙම කෝලම් කුට්ටම් අනන්තවත් තියෙනවා මම හිතන්නේ මේවා රාජ්‍ය සේවයේ පරිහානියට හේතු වෙනවා කියලා තමයි
අලියා විෂය අයිති වනජීවී එකටද යාපනේ දිස්ත්‍රික් ලේකම්ටද ?