රජයේ ආයතනවල පාටි තහනම්
රජයේ ආයතනවල විවෘත කිරීම්, රාජකාරී බාර ගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළ උත්සව, සුහද හමුවීම්, ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලුම ආකාරයේ උත්සව සඳහා රජයේ මුදල් වැය කිරීම නතර කරන ලෙසට වූ නියෝගය තරයේ පිළිපදින ලෙස මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රජයේ ප්‍රධානීන්ගෙන් නැවත වරක් ඉල්ලීමක් කළේය.