(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට ආරාධනා කළත් සමුළුව සම්බන්ධයෙන් කිසිදු න්‍යාය පත්‍රයක් යොමු කර නොමැති බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා කළ ආරාධනාවට ගරු කිරීමක් ලෙස සර්වපාක්ෂික සමුළුවට සහභාගි වී එහි යෝජනා පිළිබඳ විමසා බලා සමගි ජන බලවේගයේ ප්‍රතිචාර දක්වන බවත් ඔහු පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වන බවත් කිරිඇල්ල මහතා තවදුරටත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් දැන් ඉන්නේ රනිල්ගේ නිළ නොවන අත්අඩංගුවේ. ඒ නිසා කියන දෙයක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
බුද්ධ දේශනා අනුව සමගිව රැස්වීම සාකච්ඡා කිරීම සමගිව විසිරයාම උසස් ගුණ ධර්ම තමයි තමන්ගෙ පුද්ගලික (පක්ෂයේ කටයුතු ) ප්‍රශ්න ඉවතලා රටේ යහපතට කටයුතු කිරීම නායකයෙකුගේ වගකීමක් වෙනවා මෙවැනි තීරණාත්මක අවස්ථාව මගහැරීම රටට කරන හානියක් වෙනවා මිස සෙතක් නම් වෙන්නෙ නැහැ
රට බේරන නායකයා ආයිමත් නැගිටින්න හදන්නේ එයා තමා ඔය බලතල බෙදා හැරීම නතර කරන්නේ.